IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


බැඳුම්කර මගඩියෙන් ඊ.පී.එෆ්. එකට වුණු අලාභය හොයන ක්‍රමය සුමන්දිරන් කියයි

උපුල් වික්‍රමසිංහ


1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා තමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට හැකි වුවහොත් 2015 වසරේ දී සිදු කරන ලද මහ බැංකු බැඳුම්කර ගනුදෙනු නිසා සේවක අර්ථසාධක අරමුදල (EPF)ට මේ දක්වා සිදුව ඇති අලාභය හෙළිදරව් කිරීමට මහ බැංකුවට සිදු වනු ඇති බව දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය.

අදාළ බැඳුම්කර ගනුදෙනු නිසා සේවක අර්ථසාධක අරමුදලට දැඩි බලපෑමක් සිදුව ඇතැයි කියන මන්ත්‍රීවරයා වෝහාරික විගණනයක් නොකර එම අලාභය ගණනය කළ නොහැකි බව ද කියයි. එබැවින් ගැසට් පත්‍රයේ පළ කර ඇති මේ පනත් කෙටුම්පත සම්මත කර ගැනීම සඳහා සහාය ලබා දෙන ලෙස සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටින බව ද, ආණ්ඩු බලය ලබා ගැනීම සඳහා සූදානම් වෙන සියලු දේශපාලන පක්ෂවල මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනවලට සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම පිළිබඳ යෝජනා ඇතුළත් කරන්නැයි තමන් ඉල්ලා සිටින බව ද ජනාධිපති නීතිඥවරයා සඳහන් කරයි.
තමන් ඉදිරිපත් කළ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත සම්මත වුවහොත් සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධයෙන් වූ ආයෝජන පිළිබඳ තොරතුරු මාසිකව නිකුත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවට සිදු වෙන බව ද සේවක අර්ථසාධක අරමුදල නැවත අවභාවිත කිරීමට නොහැකි වෙන බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.
මැයි මාසයේ පළමු සතියේ දී මෙම පනත් කෙටුම්පත විවාදයට ගැනීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

 



අදහස් (0)

බැඳුම්කර මගඩියෙන් ඊ.පී.එෆ්. එකට වුණු අලාභය හොයන ක්‍රමය සුමන්දිරන් කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 660 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1109 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site