සුජිත් හේවාජුලිගේ
වරාය පර්යන්තයන්හි වසර දහයක් පහළොවක් තිස්සේ සිරවී පවතින විවිධ භාණ්ඩ බහාලුම් (කන්ටේනර්) තුන්දහසකට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා ශ්‍රී ලංකා රේගුවට බලය පැවරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
මේ අනුව ශ්‍රී ලංකා රේගුව එම බහාලුම් විනාශ කරනවාද ඒවායේ භාණ්ඩ වෙන්දේසි කරනවාද යන්න සම්බන්ධයෙන් සුදුසු තීරණයක් ඉදිරි දිනවල ගනු ඇත. මෙම බහාලුම් සහ ඒවායේ තිබෙන භාණ්ඩ සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් ගැනීමට ද කටයුතු කරගෙන යන බව වරාය සහ ගුවන් සේවා අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක පැවසීය.
විශාල දඩ නියම වීමෙන් පසු අයිතිකරුවන්ට ඒවා ගෙවීමට නොහැකිවීම, බහාලුම්වලට අදාළව ක්‍රියාත්මක වන විවිධ නීතිමය ක්‍රියාමාර්ග, ප්‍රතිඅපනයනයට අධික වියදම් දැරීමට සිදුවීම යනාදී හේතු මත බහලුම් විශාල ප්‍රමාණයක් මෙසේ ගොඩගැසී තිබෙන බව ද අමාත්‍යවරයා කීවේ ය.
බහාලුම් විශාල ප්‍රමාණයක් මෙසේ පර්යන්තවල ගොඩ ගැසීමෙන් ඒවායේ ඉඩකඩ පිළිබඳව විශාල ප්‍රශ්නයක් මතුව තිබෙන බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd