නිරෝෂණ කුමාර
ඇමෙරිකාව හා ස්පාඤ්ඤය අතර ඒකාබද්ධ ආයෝජනයක් ලෙස ක්‍රියාත්මක කළ කර්මාන්තශාලාවක් අතරමග නතර කිරීමෙන් මෙරටට විශාල මුදලක් අහිමි වී ඇති බව අනාවරණය වෙයි.
මත්ස්‍ය සම්පත සම්බන්ධ කර්මාන්තශාලාවක් අතරමග නතර කිරීම පිළිබඳව සොයා බලන ලෙස ජනාධිපතිවරයාගෙන් හා විෂය භාර අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරන බව මේ පිළිබඳ අදහස් දක්වමින් සිවිල් බුද්ධි පෙරමුණේ කැඳවුම්කරු සංජය මහවත්ත පවසයි.
කර්මාන්තශාලාව පවත්වාගෙන යාමේ දී ඇමෙරිකානු ඩොලර් බිලියන 7ක ආයෝජනයක් ශ්‍රී ලංකා රජයට ලබා දී ඇතැයි පැවසූ ඔහු මෙම කර්මාන්තශාලාව අතරමග නතර කිරීමෙන් විශාල ආයෝජනයක් රටට අහිමි වෙන බවත් ඒ පිළිබඳව හෙට (23දා) ජනාධිපතිවරයා දැනුම්වත් කිරීමට කටයුතු කරන බවත් වැඩිදුරටත් පැවසීය.
මත්ස්‍ය සම්පත සම්බන්ධව 2017 වසරේ දී දික්ඕවිට වරාය ආශ්‍රිතව මෙම කර්මාන්ත ශාලාව ආරම්භ කර ඇත. ලංකාවේ ලියාපදිංචි කර ඇති මෙම ඒකාබද්ධ සමාගමේ ක්‍රියාකාරිත්වය 2018 දී ආරම්භ කර තිබේ. කොරෝනා වසංගතය හමුවේ මෙහි ක්‍රියාකාරිත්වය අතරමග ඇණහිටි බව සංජය මහවත්ත කීය.
පසුව බලයට පත් වූ ආණ්ඩුවල විෂය භාර ඇමතිවරුන් එය පවත්වාගෙන යාමට කටයුතු කළද එය දැනට තාවකාලිකව වසාදමා ඇත. කර්මාන්තශාලාව නැවත ආරම්භ කිරීමට පසුබට වන්නේ ඇතැම් නිලධාරීන්, අල්ලස් ලබා ගැනීමේ උත්සාහයක නිරත වීම නිසා බවට සැකයක් පවතින බව හෙතෙම කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd