උපුල් වික්‍රමසිංහ
අකුරේගොඩ දී ඉකුත් 13 වැනිදා වෙඩි තබා ඝාතනය කෙරුණු නීතිඥවරයා තමන්ට ජීවිත තර්ජන තිබෙන බවට පොලිසියට හෝ වෙනත් නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට පැමිණිල්ලක් කර නොතිබුණු බව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ඉරිදා ලංකාදීපයට පැවසීය.
කෙසේ වෙතත් යම් සිද්ධියක් පිළිබඳව පොලිසිය ඔහුගෙන් කටඋත්තරයක් ලබාගෙන තිබුණු බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල ප්‍රකාශ කළේ ය.
කිනම් හෝ පාර්ශ්වයක් තමන්ට ජීවිත තර්ජනයක් ඇති බවට පැමිණිලි කරන්නේ නම් ඒ ගැන නිසි තක්සේරුවක් කර ආරක්ෂාව ලබා දීමට රජය පියවර ගන්නා බව ද ඔහු පැවසුවේ ය.
මේ අතර ශ්‍රී ලංකා නීතිඥ සංමගයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මේ සිද්ධිය සම්බන්ධයෙන් අප පුවත්පතට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවේ දී ප්‍රකාශ කළේ අදාළ නීතිඥයා තමන්ට ඇති මරණ තර්ජන ගැන නීතිඥ සංගමයට ද දැනුම්දීමක් කර නොතිබුණු බව ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd