නිරෝෂාන් ප්‍රේමරත්න
AI Impact 2026 සමුළුවට සහභාගි වීමට නවදිල්ලි නුවරට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර හමුවක් පසුගිය 20දා හයිද්‍රාබාද් මන්දිරයේ දී පැවැත් වුණි.
මෙහිදී AI Impact 2026 සමුළුවට සහභාගිවීම පිළිබඳව ඉන්දීය අගමැතිවරයා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායකට ස්තුතිය පළ කරමින් සුහද කතා බහක නිරත වනු ලැබුණි.
අනතුරුව නායක දෙපළ ඉන්දු - ශ්‍රී ලංකා ඓතිහාසික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගනිමින් දෙරට අතර ආර්ථික, වෙළෙඳ සහ සංස්කෘතික සහයෝගීතාව වර්ධනය කර ගැනීම පිළිබඳට දීර්ඝ ලෙස සාකච්ඡා කළහ.
මෙහිදී ජනපති අනුර කුමාර දිසානායක දිට්වා ආපදා අවස්ථාවේ ශ්‍රී ලංකාවට ලබා දුන් සුවිශේෂී සහය පිළිබඳ කෘතඥතාව ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට පළ කර සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd