ඉන්දික හේවාවිතාරණ
යෝජිත විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් විදුලිබල මණ්ඩලය සතු රුපියල් ට්‍රිලියනයකට අධික වටිනා සම්පත්වලින් සියයට හැත්තෑපහකට ආසන්න වත්කම් ප්‍රමාණයක් පෞද්ගලීකරණය විය හැකි බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය සඳහන් කරයි.
මෙම කෙටුම්පත හරහා යෝජනා කර තිබෙන ආකාරයට තාප විදුලිබලාගාර, සුළං බලාගාර ඇතුළු සම්පත් විශාල ප්‍රමාණයක් රජයට අහිමි වී යා හැකි බවත්, මේ නිසා මෙම සම්පත් රජය සතුව තිබෙන ආකාරයට හා සේවක හා පාරිභෝගික අයිතීන් සුරක්ෂිත වන ආකාරයට කෙටුම්පත සකස් විය යුතු බවත් එම සංගමයේ සමලේකම් ඉංජිනේරු බුද්ධික විජේවර්ධන මහතා සඳහන් කළේය.
කැබිනට් මණ්ඩලය විසින් අදාළ කෙටුම්පත සඳහා අනුමැතිය ලබා දී තිබෙන නිසා රටට හිතකර ආකාරයට මෙම පනත් කෙටුම්පත සකස් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මේ සතිය තුළ යෝජනාවක් භාර දීමට සැලසුම් කර තිබෙන බව ද හෙතෙම පවසා සිටියේය.
විදුලිබල මණ්ඩලය කොටස් කර සමාගම් 12කට පැවරීමට සැලසුම් කර තිබෙන බවත්, පනත් සම්මත වී මාස 06 ක කාලයක් තුළ විදුලිබල මණ්ඩලය අහෝසි කර අදාළ කටයුතු සිදුකිරීමට සැලසුම් කර තිබෙන බවත්, එම කටයුතු සිදුකිරීමට මාස 06 ක කාලය ප්‍රමාණවත් නොවන බවත් ඒ මහතා සඳහන් කළේය.
මණ්ඩලය අහෝසි කිරීමෙන් පසු සේවකයන් බෙදා වෙන් කිරීම, කාර්යයන් බෙදා වෙන් කිරීම, සම්පත් බෙදා වෙන් කිරීම ආදී විශාල වගකිවයුතු කාර්යයන් රාශියක් සිදු කිරීමට නියමිතව තිබෙන බවත්, ඒ සඳහා මාස 06 ක කාලය ප්‍රමාණවත් නොවන බවත් හෙතෙම පවසා සිටියේය.
විදුලිබල මණ්ඩලයේ දැනට සේවය කරන සේවකයන් විසිතුන් දහසකට අධික පිරිසකගේ වැටුප් ගැන සඳහන් කර තිබුණත් සේවකයන්ට ලබා දෙන දීමනා ගැන සඳහනක් නොමැති බවත්, මේ නිසා සේවක ප්‍රතිලාභ පිළිබඳව ගැටලු ඇති විය හැකි බවත් ඒ මහතා කියා සිටියේය.
ඉහත කරුණු සැලකීමේ දී යෝජිත පනත් කෙටුම්පත හරහා කිහිප දෙනෙකුට ප්‍රතිලාභ හිමි වීමේ අවස්ථාව විවර වන බවත්, මේ අනුව රටේ ජනතාවට අධික මිලකට විදුලිය මිලදී ගැනීමට පවා සිදුවිය හැකි බවත්, මේ නිසා සේවක අයිතින් සුරක්ෂිත කර ගැනීමට හා පාරිභෝගික ජනතාව රැක ගැනීම සඳහා ගත හැකි ක්‍රියා මාර්ග ගන්නා බවත් සමලේකම්වරයා සඳහන් කළේය.
පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පමණක් පාර්ලිමේන්තු විවාද එකොළහක් පසුගිය වසර තුන ඇතුළත පවත්වා ඇතැයි වාර්තා වේ.
කොවිඩ් 19 වසංගතයෙන් පසු ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් ලංකාවෙන් 2022 වසරේ සිට 2024 අප්‍රේල් මාසය දක්වා 692,461 ක් රැකියා සඳහා විදේශගත වී ඇති බව විදේශ සේවා නියුක්ත
කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස් දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර
යෝජිත විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් විදුලිබල මණ්ඩලය සතු රුපියල් ට්‍රිලියනයකට අධික වටිනා සම්පත්වලින් සියයට හැත්තෑපහකට ආසන්න
1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා තමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට හ
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමග ඉදිරියට ද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකාවේ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
යෝජිත පනතින් ලංවිම වත්කම් සියයට 75ක් පෞද්ගලීකරණය වෙනවා