
කැළුම් බණ්ඩාර
මන්නාරම් ද්‍රෝණියේ පිහිටි වාණිජමය ශක්‍යතාවකින් යුතු ඛනිජ සම්පත් සංවර්ධනය සඳහා ජාත්‍යන්තර ලංසු කැඳවීම ළඟදීම සිදුකරනු ලබන බව උසස් නිලධාරියෙක් ඉරිදා ලංකාදීපයට පැවසීය.
ශ්‍රී ලංකා ඛනිජ සම්පත් සංවර්ධන අධිකාරිය පසුගිය මාසයේ එසේ කිරීමට බලාපොරොත්තු වූ නමුදු, නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඒ සඳහා අනුමැතිය ලබාගැනීම ප්‍රමාද වූ බව ඔහු තවදුරටත් පැවසීය.
ලංසු කැඳවීමෙන් පසු ජාත්‍යන්තර ඛනිජ සමාගම් මෙන්ම, විවිධ රටවලට අයත් සමාගම් ද ඒ සඳහා සහභාගි විය හැකි බව එම නිලධාරියා පැවසීය.
මන්නාරම් ද්‍රෝණියේ කොටස් හතරක් මේ යටතේ සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වේ. ඉන්දියාව සහ කටාර් රාජ්‍යයන්හි පිහිටි සමාගම් මීට සහභාගි වීමට පෙර සිටම කැමැත්ත පළකර ඇත.
මීට ඉහත කරන ලද ගවේෂණ අනුව ශ්‍රී ලංකාව තුළ වාණිජමය ශක්‍යතාවකින් යුතු තෙල් සහ ගෑස් නිධි පවතින බවට සොයාගෙන ඇත.
2021 වසරේ පාර්ලිමේන්තු මාධ්‍ය ඒකකය නිකුත් කළ පුවත්පත් නිවේදනයකට අනුව ශ්‍රී ලංකාව තුළ ඇමරිකානු ඩොලර් බිලියන 267ක වටිනාකමකින් යුතු තෙල් සහ ගෑස් නිධි පවතින බව සොයාගෙන ඇත. ලංසු කැඳවීම නිවේදනය කිරීමෙන් පසු අදාළ සමාගම් සඳහා මාස 6ක පමණ කාලයක් ඊට සහභාගිවීම සඳහා අවස්ථාව ලැබේ.
ශ්‍රී ලංකාවේ තෙල් සහ ස්වාභාවික වායු නිධි සංවර්ධනය සඳහා අදාළ පනත 2021 වසරේ සම්මත කරන ලදී. එසේ කිරීමේ දී ජාත්‍යන්තර විවෘත ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කළ යුතුවේ.
COMMENTS