නිමල කොඩිතුවක්කු
දිවයිනට බලපා ඇති ගැඹුරු පීඩන අවපාතය අද (11) දින වනවිට දිවයිනෙන් ඉවත්ව යනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති එම ගැඹුරු පීඩන අවපාතය, සෙනසුරාදා (10) පෙ.ව. 11.30 ත් ප.ව. 5.30 ත් අතර කාලයේදී ත්‍රිකුණාමලය සහ යාපනය අතර ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කළ හැකි බවත් ඔහු සඳහන් කළේය.
මේ හේතුවෙන් උතුරු පළාතෙත් අනුරාධපුර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් වළඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවත් ඔහු සඳහන් කළේය.
වයඹ, මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් වැසි ඇතිවිය හැකි බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.
උතුරු සහ උතුරු - මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැයට කිලෝමීටර් (50-60) දක්වා වන ඉතා තද සුළං සමඟ විටින් විට හමන පැයට කිලෝමීටර් (70) දක්වා වන ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැක.
මෙයට අමතරව දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පැයට කිලෝමීටර් 50-60ත් අතර තද සුළං ඇති විය හැකි බවත් කරුණානායක මහතා පැවසීය.
මේ හේතුවෙන් ගස් කඩා වැටීම්, නිවාසවල වහල ගලවා යාමේ වැනි සිදුවීම් වාර්ථාවීමේ වැඩි ඉඩක් පවතින බවත් ඔහු සඳහන් කළේය.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
COMMENTS