නිශාන්ත කුමාර බණ්ඩාර

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ කෝටි 70කට අධික මුදල් වංචාවක් පිළිබඳ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට බස් හිමියන් විසින් පැමිණිලි කර ඇතැයි වාර්තා වේ. 2015 වසරේ සිට 2026 වසර දක්වා මාර්ග බලපත්‍ර නි කුත් කිරීමේ දී මෙම මුදල් වංචා කර ඇතැයි කොමිෂන් සභා ආරංචි මාර්ග පවසයි.

කැබිනට් අනුමැතියකින් හෝ නීත්‍යනුකූල ක්‍රමවේදයකින් හෝ ටෙන්ඩර් පටිපාටියකින් තොරව මාර්ග බලපත්‍ර 42 ක් ලබාදීමෙන් මෙම මුදල් වංචාකර ඇතැයි එම ආරංචි මාර්ග කියයි.

මේ පිළිබඳ පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් පවතින බව එම ආරංචි මාර්ග සඳහන් කරයි. මීට අමතරව දේශපාලනඥයන්ගේ වුවමනාව මත දේශපාලන උත්සව සඳහා රුපියල් කෝටියකට ආසන්න මුදලක් වියදම් කර ඇතැයි ද අනාවරණය වේ.