සුජිත් හේවාජුලිගේ
වයස අවුරුදු 16ට අඩු දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීමේ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මන්ත්‍රී ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මියට භාර දුන්නේය.
දරුවන් සමාජ මාධ්‍ය වේදිකා වෙත පිවිසීම පාලනය කිරීම සහ හානිකර අන්තර්ජාල අන්තර්ගතයන්ගෙන් ආරක්ෂා කිරීම මෙම පනත් කෙටුම්පතේ මූලික පරමාර්ථය බව පැවසේ. එසේම වයස අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය වේදිකා වෙත ප්‍රවේශ වීම වැළැක්වීමට විෂය භාර අමාත්‍යවරයාට එනම්, ළමා කටයුතු අමාත්‍යවරයාට නියෝග පැනවීමටද මින් බලතල ලැබෙනු ඇත.
එමෙන්ම දරුවකුට දිනකට සමාජ මාධ්‍ය භාවිත කළ හැකි කාලය සීමා කිරීමට හෝ භාවිත කළ හැකි නිශ්චිත වේලාවන් නියම කිරීමට ද මෙම කෙටුම්පතෙන් අවස්ථාව උදාවේ. මෙම නීතිය ක්‍රියාත්මක කිරීම හා අධීක්ෂණය කිරීම සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය යටතේ බලයලත් කොමසාරිස්වරයෙකු පත්කිරීමටද මින් යෝජනා කෙරේ.
පනතේ සිංහල සහ දෙමළ පිටපත් අතර යම් පරස්පරතාවක් ඇති වුව හොත් සිංහල පිටපතේ අන්තර්ගතය බලපැවැත්වෙන බවද කෙටුම්පතේ සඳහන් වේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd