ඉන්දික හේවාවිතාරණ
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර රාජකාරි සිදුකරන නිලධාරීන්ගේ හිඟය නිසා අලි මිනිස් ගැටුම පාලනයට අදාළ කටයුතු හා වනජීවී සංරක්ෂණ කලාපවල ආරක්ෂාව ලබා දීම සම්බන්ධයෙන් විශාල ගැටලු ප්‍රමාණයක් ඇති වී තිබෙන බව සමස්ත ලංකා වනජීවී නියාමක නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
ජාතික උද්‍යාන අඩවි ආරක්ෂක කාර්යාල ඇතුළු ස්ථානවල ස්ථානභාර නිලධාරීන් ලෙස කටයුතු කරන වනසත්ව අඩවි ආරක්ෂක නිලධාරි තනතුරු 336 ක් පවතින බවත්, මේ වන විට සේවයේ යෙදී සිටින්නේ නිලධාරීන් 188 ක් පමණක් බවත්, මේ අනුව එම සේවාව තුළ පුරප්පාඩු 146 ක් ඇතිවී තිබෙන බවත් එම සංගමයේ සභාපති ඉන්දික පීරිස් මහතා සඳහන් කළේය.
බීට්ටු කාර්යාල භාර නිලධාරීන් ලෙස කටයුතු කරන වන සත්ව අඩවි සහකාර නිලධාරි තනතුරු 382ක් පවතින බවත්, මේ වන විට සේවයේ යෙදී සිටින්නේ නිලධාරීන් 262 ක ප්‍රමාණයක් පමණක් බවත්, මේ අනුව එම සේවාවේ පුරප්පාඩු 120 ක් ඇති වී තිබෙන බවත් හෙතෙම පැවසීය.
වනසත්ව නියාමක තනතුරු 873 ක් පවතින බවත්, මේ වන විට සේවය කරමින් සිටින්නේ 432ක් බවත්, මේ අනුව එම සේවාවේ පුරප්පාඩු 441 ක් පවතින බවත්, පුරප්පාඩු ප්‍රමාණය ප්‍රතිශයක් ලෙස සැලකූ විටසියයට 51ක ප්‍රමාණයක් බවත් ඒ මහතා සඳහන් කළේය.
වනසත්ව නියාමක සේවාවට අවසන් වරට බඳවා ගැනීම් සිදුකර තිබෙන්නේ 2019 වසරේ දී බවත්, වන සතුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් හා වන ජීවී කලාප කළමනාකරණය කර ගැනීම හා අලි මිනිස් ගැටුම් අවම කර ගැනීමේ කටයුතු සඳහා විශාල දායකත්වයක් ලබා දෙන්නේ වනසත්ව නියාමකයන් බවත් හෙතෙම පවසා සිටියේය.
පසුගිය වසරේ දී අලින් 400කට වැඩි ප්‍රමාණයක් මියගොස් තිබේ.
පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පමණක් පාර්ලිමේන්තු විවාද එකොළහක් පසුගිය වසර තුන ඇතුළත පවත්වා ඇතැයි වාර්තා වේ.
කොවිඩ් 19 වසංගතයෙන් පසු ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් ලංකාවෙන් 2022 වසරේ සිට 2024 අප්‍රේල් මාසය දක්වා 692,461 ක් රැකියා සඳහා විදේශගත වී ඇති බව විදේශ සේවා නියුක්ත
කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස් දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර
යෝජිත විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් විදුලිබල මණ්ඩලය සතු රුපියල් ට්‍රිලියනයකට අධික වටිනා සම්පත්වලින් සියයට හැත්තෑපහකට ආසන්න
1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා තමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට හ
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමග ඉදිරියට ද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකාවේ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ක්ෂේශ්ත්‍ර නිලධාරි හිඟය නිසා අලි-මිනිස් ගැටුම් පාලනය අසීරුයි