උපුල් වික්‍රමසිංහ
දිට්වා සුළිකුණාටුව හේතුවෙන් භූමියේ වෙනස් වූ ස්ථාන මැනීම සඳහා අවශ්‍ය මූලික කටයුතු කරගෙන යන බව ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව පවසයි.
ඒ යටතේ මහාමාර්ග කොටස් 354 ක් හා දුම්රිය මාර්ග ස්ථාන 80 ක් පමණ හඳුනාගෙන ඇති බවත් ඒවා මැනීමට අවශ්‍ය මූලික කටයුතු කරගෙන යන බවත් මැනුම්පති එන්.කේ.යූ. රෝහණ ඉරිදා ලංකාදීපයට ප්‍රකාශ කළේ ය.
කඳු නාය ගිය ස්ථාන සම්බන්ධ නිවැරදි දත්ත ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ ආයතනයෙන් ලැබුණු පසු එම ස්ථාන ද මැනීමට කටයුතු කරන බව ඔහු කීවේ ය.
මේ අතර ගංවතුර ව්‍යාප්තිය බලාගත හැකි සිතියමක් මේ වෙනවිට සකස් කෙරෙමින් පවතින බව ද එයින් ගංවතුර කොපමණ දුරකට සහ උසකට ගැලුවේ ද යන්න ගැන නිවැරදි දත්ත ලබා ගත හැකි බව ද කී මැනුම්පතිවරයා වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය යන ආයතනවල දත්ත ලබා ගැනීමෙන් පසු එම සිතියම අවසන් කර නිකුත් කරන බව ද සඳහන් කළේ ය.
COMMENTS