ප්‍රේමකීර්ති රණතුංග
දැනට ක්‍රියාත්මක වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සැප්තැම්බරයට පෙර අහෝසි කිරීමට රජය තීරණය කර ඇත. එම පනත වෙනුවට මත්කුඩු සහ අපරාධ මර්දනය කිරීම සඳහා වෙන් වූ නව පනතක් සම්මත කිරීමට නියමිතය .“සංවිධානාත්මක අපරාධ මර්දනය කිරීමේ පනත” නමින් යුතු එම නව පනත් කෙටුම්පත මේ වනවිට සකස් කර අවසන් කර ඇතැයි ආණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ මූලිකත්වයෙන් සහ අධිකරණ ඇමැති හා ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් ඉකුත් සතියේ පැවති රැස්වීමක දී ජනාධිපතිවරයා පවසා ඇත්තේ කාලයක් තිස්සේ මෙරට බැටකෑ ත්‍රස්තවාදය අවසන් වුවද සංවිධානාත්මක අපරාධ වලින් බැටකෑමට රටට සිදුවී ඇති බවය. එම සංවිධානාත්මක අපරාධ කල්ලි සහ මෙරට මුදල් අනවසරයෙන් රටින් පිටකරන ජාවාරම්කරුවන් මැඩපැවැත්වීම අනිවාර්යයෙන්ම කළ යුතු බව ද ඒ සඳහා දැනට පවතින සාමාන්‍ය නීතියෙහි ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බවද එහිදී කියා සිටි ජනාධිපතිවරයා ඔවුන් මැඬපැවැත්වීම සඳහා නව පනත ගෙන එන බව පවසා ඇත .
දැනට පවතින ත්‍රස්ත වාදය වැළැක්වීමේ පනතින් විවිධාකාරයෙන් අර්ථ දක්වා පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ හැකියාව ඇතත් නව පනතින් එසේ අත්අඩංගුවට ගැනීමට වැටබැඳෙන බවත් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට හානි නොවන අයුරින් සංවිධානාත්මක අපරාධ සහ මත් ජාවාරම්කරුවන් පිළිබඳ නිශ්චිත පරාසයකට පමණක් නව පනත ක්‍රියාත්මක වන බවත් ජනාධිපතිවරයා පවසා ඇත.
එවකට උතුරේ පැවති ත්‍රස්තවාදය මැඬපැවැත්වීමේ අරමුණින් 1978දී තාවකාලික පියවරක් ලෙස පැනවූ මෙම පනත 1982 දී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත නමින් ස්ථිර පනතක් ලෙස ක්‍රියාත්මක විය. පනත ක්‍රියාත්මක වූ වසර පනහකට ආසන්න කාලයේ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන සහ දේශීය බහුජන සංවිධාන මෙම පනත මගින් විරුද්ධවාදීන් මර්දනය කරන බවට නිරතුරුවම පැවැති ආණ්ඩුවලට විවේචන එල්ල කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd