(අජන්ත කුමාර අගලකඩ)
ලබන සිකුරාදා (05) පැවැත්වෙන අය-වැය තුන්වන වර කියවීමේ ඡන්දය විමසීමේදී කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් කැඳවන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.
ඒ අනුව විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද හෙටම පැවැත්වෙනු ඇතැයි ද මන්ත්‍රීවරයා කීය. අය-වැයට කොන්දේසි විරහිතව විරුද්ධවිය යුතුය යන්න ඒකාබද්ධ විපක්ෂයේ මතය යැයි කී අලහප්පෙරුම මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ද එම මතයෙම සිටිනු ඇතැයි අපේක්ෂා කරන්නේ යැයි ද සඳහන් කළේය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.