IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ළමා මන්දපෝෂණය සියයට විස්සකින් ඉහළට

මත්පැන් නවතා බිත්තරයක් දෙන්න

 

සුජිත් හේවාජුලිගේ  

ආහාර හිඟය නිසා දරුවන් මන්දපෝෂණයට ගොදුරුවීම සියයට 20කින් පමණ වැඩිවී ඇතැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කෙරෙන ළමයින්ගෙන් සියයට 15ත් 20ත් අතර සංඛ්‍යාවක්ද මන්දපෝෂණයෙන් පෙළෙන බව හඳුනාගෙන ඇතැයි හෙතෙම සඳහන් කළේය. 

මේ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු සොයා බැලීම සඳහා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කළ බවද විශේෂඥ වෛද්‍යවරයා කීවේය.  
 
මේ අතර රටේ ආර්ථික තත්වය හමුවේ දරුවන්ගේ පෝෂණ මට්ටම ඉතා විශාල වශයෙන් පහළට වැටෙමින් පවතින හෙයින් මත්පැන් සිගරට් සඳහා වැය කෙරෙන මුදල දරුවන්ට බිත්තරයක් හෝ වෙනත් පෝෂ්‍යදායී ආහාරයක් ලබාදීමට කැප කරන්නැයි මවුපියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරන බව දීපාල් පෙරේරා මහතා පැවසීය.  
 
එක සිගරට්ටුවක් සඳහා වැය කෙරෙන මුදලින් දරුවන්ට බිත්තර දෙකක් මිලදී ගැනීමට හැකියාව පවතින බවද හෙතෙම සඳහන් කළේය.  
 
ආහාර හිඟය නිසා නියමිත පෝෂ්‍ය පදාර්ථ අවශ්‍ය ප්‍රමාණයට නොලැබෙන තත්ත්වයක් පවතින හෙයින් දරුවන් මන්දපෝෂණයට ගොදුරුවීම ශීඝ්‍රයෙන් වැඩිවන තත්ත්වයක් පෙනෙන්නට ඇතැයි පැවසූ වි​ශේෂඥ වෛද්‍යවරයා දරුවන්ගේ පෝෂණය ගැන මේ අවස්ථාවේදී මවුපියන් දැඩි අවධානයක් යොමු කළ යුතු බවද පෙන්වා දුන්නේය.  
 
මන්දපෝෂණයට ගොදුරු වන දරුවන් පහසුවෙන්ම වෙනත් රෝගාබාධවලට ලක් වන බවද ඔහු සඳහන් කළේය.  
 
වත්තපිටියේ වැවෙන කොළ වර්ග පලාවර්ග මේ අවස්ථාවේදී දරුවන්ට වැඩි වැඩියෙන් ලබාදීමද ඉතා වැදගත් බවත් විශේෂයෙන්ම මුරුංගා කොළ දෛනික ආහාර වේලට එකතු කර ගැනීමෙන් ඉන් පෝෂ්‍ය පදාර්ථ රැසක් ලබා ගත හැකි වන බවත් ඔහු පැවසුවේය.  
 
ආර්ථික අර්බුද හමුවේ සිය ගෙවත්තේ එළවළු පලා වර්ග වගා කිරීමටද මවුපියන් වැඩි වැඩියෙන් උනන්දු විය යුතු බව පෙරේරා මහතා පෙන්වා දුන්නේය.  



අදහස් (0)

ළමා මන්දපෝෂණය සියයට විස්සකින් ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 74 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 876 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site