උපුල් වික්‍රමසිංහ
වර්ෂ 2023 ආරම්භයේ සිට මැයි මස 4 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකානු ඩොලරයට එරෙහිව 13.5% කින් ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ සතිපතා ආර්ථික දර්ශක වාර්තාවෙහි දැක්වේ.
ජපාන යෙන් මුදල් ඒකකයට එරෙහිව 15.1% කින්ද ස්ටලින් පවුම මුදල් ඒකකයට එරෙහිව සියයට 8.6 කින්ද යූරෝ මුදල් ඒකකයට එරෙහිව 9.1% කින් සහ ඉන්දීය රුපියලට එරෙහිව 12.0% කින්ද ශ්‍රී ලංකා රුපියල අදාළ කාලයේදී ශක්තිමත් වී ඇති බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
අප්‍රේල් අවසන් වන විට නිල සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 2755 ක් බවත් හුවමාරු පහසුකම යටතේ චීනයෙන් ලැබුණු ඩොලර් බිලියන 1.4 ක මුදල ඊට අයත් බවත් එම වාර්තාව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd