සුජිත් හේවාජුලිගේ
විභාග දෙපාර්තමේන්තුව උසස් පෙළ විභාග අපේක්ෂකයන් සඳහා මුද්‍රණය කළ ලඝුගණක පොත්වලට වැරදි සංඛ්‍යා ඇතුළත්වීම හේතුවෙන් එම පොත් එක් ලක්ෂ තිස්පන්දහසක් විනාශ කර ඇතැයි, ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.
වාර්තාව අනුව, එම පොත් මුද්‍රණය කර ඇතැයි පැවසෙන්නේ 1997, 1998, 2000 සහ 2004 යන වර්ෂවල දීය.
පොත්වල වැරදි සංඛ්‍යා ඇතුළත්ව ඇතැයි තහවුරු වී තිබෙන්නේ 2024 උසස් පෙළ විභාගයේ දී බව විගණන වාර්තාව සඳහන් කරයි.
ලඝුගණක පොත් එක් ලක්ෂ තිස්පන් දහස විනාශකර ඇත්තේ පසුගිය වසරේ මැයි මස 31 වැනිදාය.
මේ අතර විභාග දෙපාර්තමේන්තුවට මිලදී ගෙන තිබූ වයර් ස්ටිචිං යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමේ දී කොළ ඉවත හැළීම හේතුවෙන්, එම යන්ත්‍රය මිල දී ගත් දින සිට අක්‍රියව පැවතුණ බවත්, යන්ත්‍රයේ වටිනාකම මිල දී ගත් ආයතනය ඇතුළු විස්තර ඇතුළත් ලිපි ගොනුව ද, දෙපාර්තමේන්තුවේ නොතිබූ බවත් විගණන වාර්තාව සඳහන් කරයි.
මේ අතර, දෙපාර්තමේන්තුවේ මුද්‍රණ යන්ත්‍ර සඳහා භාවිත කරන ටෝනර් කාට්‍රිජ් ඒකක 427ක් (2011 වර්ෂයේ සිට පැවතෙන) කල් ඉකුත් වූ තොග ලෙස පැවතුණ බව ජාතික විගණන කාර්යාලය පවසයි.
මේ තොරතුරු සඳහන් වන්නේ විභාග දෙපාර්තමේන්තුවේ 2025 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd