IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


​ෙඩංගු උණට උණ ගොබ පැණිය

​මෙහි ලා දක්වන්නේ ඩෙංගු උණ රෝගය වහා සුවකර ගත හැකි අතිවිශිෂ්ට අත්දුටු ගුණ ඇති ඔෟෂධ යෝගයක් ඕනෑම ඩෙංගු රෝගියෙකුට පැය අටකට වරක් බැගින් පස් වේලක් මෙය පානය කැර වූ විට වහා උණ බසී. ​රෝගය සුවවේ. ගෞරවණීය වහරක අභයරතනාලංකාර හිමිපාණන් වහන්සේ පෙන්වා වදාළ ‘උණ ගොබ ස්වරසය’ ගෙන මේ මහඟු ඖෂධය සකස් කරනු ලැබේ.  
බෙහෙත සාදන පිළිවෙළ:  


අඩි 4ක් 5ක් තරම් උස උණ ගොබයක් කපාගන්න. පිට පොතු සහ කහපාට පොත්ත ඉවත්කර ගොබයේ මෘදු මොළොක් කොටස ගෙන පොඩි පොඩි කෑලිවලට කපා වංගෙඩියට දමා හොඳට කොටන්න. (බ්ලෙන්ඩර් කර ගන්නත් පුළුවනි) එසේ කොටා ගත් කොටස වතුර මිශ්‍ර නොකර පිරිසුදු රෙදි කඩකින් පෙරා පසෙක තබා ඊට සෑහෙන පමණට තල් සූකිරි (Palmyra Candy) ගන්නේය. ඒ මාත්‍රාව මෙ​ෙස්ය. උණ ගොබ යුෂ පීරිසි කෝප්පයකට හෝ මිලිලීටර් 240කට තල් සූකිරි ග්‍රෑම් 100ක් අරගෙන ඒ සූකිරි ටික බඳුනෙක ලා දියවෙන තරමට වතුර දමා ලිප තබා හැඳි ගාන්න. ඒ පැණිය ටිකක් කරවෙන තරමට ගෙන නිවුණු පසු උණ ගොබ යුෂ මිලි. ලී. 240ක් මිශ්‍ර කර යළිත් ලිප තබා හැඳි ගා පැණි පදමට උකු වූ විට ගෙන නිවුණු පසු පෙරා තබාගෙන ප්‍රයෝජනයට ගත යුතුය.  


මේ බෙහෙත රෝගියාට පෙවීය යුතු මාත්‍රාව සහ වාර ගණන  
වැඩිහිටි අවු. 12 දක්වා මාත්‍රාව තේ හැඳි 1ක් හෝ මි.ලී. 5ක් පැය 8ට වරකි.   
වයස අවුරුදු 1 සිට 2 දක්වා මාත්‍රාව තේ හැඳි 1/2ක් හෝ මි.ලී. 2.5ක් පැය 8ට වරකි.  
වයස අවුරුදු 2ට අඩු දරුවන්ට මාත්‍රාව තේ හැඳි 1/4 ක් හෝ මි.ලී. 1.25ක් පැය 8ට වරකි.  


මෙය රෝගියාට පෙවිය යුත්තේ වාර (5ක්) පමණි. මෙයින් රෝගයත් ඊට අදාළ සංකූලතාත් නිවාරණය වේ.   


මේ ඔසුව සකස් කිරීමේදී ගත යුතු උණ ගොබ වර්ගය  
උණ ගසෙහි ප්‍රභේද සතරෙකි. 1. රණ උණ, 2. කඳ කොළ පාට (හරිත වර්ණ) උණ, 3. කටු උණ සහ 4. මහ උණ වශයෙනි. මෙයින් මෙකී ඔෟෂධය සකස් කිරීමේදී යොදා ගත යුත්තේ බහුලව දක්ට ලැබෙන කඳ කහ පැහැති මහ උණ ගසෙහි ගොබයයි. එහි උද්භිද විද්‍යා නාමය ‘Bambusa Vulgaris’ යනුවෙන් නම් කර ඇත. Golden Bambusa සහ Yellow Bambusa යන නාමද ඉංග්‍රීසි බසෙහි ව්‍යවහාර වේ. කඳ කහ පැහැයෙන් දිදුලන අතර ඇළ දොළ ගංගා ඉවුරුවලත් ඕවිටිවලත් බහුලව දකින්නට ලැබේ.  


මේ උණ ගොබ ඖෂධය සකස් කර ගන්නා පිළිවෙළ මෙසේ ඉදිරිපත් කෙළේ දේශීය වෛද්‍යවරුන්ට ඩෙංගු රෝග මර්දනය සඳහා මෙය ඉවහල් කර ගන්නට හැකි වේවා යන උතුම් අදහසිනි.  


ඩෙංගු රෝගයෙන් පීඩිත වුණු රෝගීන් ‘මේ උණ ගොබ පැණිය’ පස් වරක් දී නතර කළ පසු කායික දුබලතා මඟ හැරවීම සඳහා පේයා සකස් කර දීම සුදුසුය.  


ඒ සඳහා තිප්පිළි, වියළි ඉඟුරු කලන් හය බැගින් ගෙන වතුර පත 8ක් දමා පත 4ට සිඳුවා පෙරා ඊට වී පොරි කලන් හයක් දමා පතට සිඳුවා සහිඳ ලුණු ස්වල්පයක් මුසුකර එකවර බීමට දිය යුතුය. එයින් කුස ගිනි දැල්වෙයි. ඇඟේ කැක්කුම් වේදනා සමනය වෙයි. අප්‍රාණිකත්වය මඟ හැරෙයි.  


කටුවැල් බටු, හීං ගොකටු කලන් හය බැගින් ඉහත කී ලෙස පත 4ට සිඳුවා පෙරා වී පොරි කලන් හයක් දමා පතට සිඳුවා එකවර පෙවිය යුතුයි. එයින් මුත්‍රා හොඳින් පිට වෙයි. හිසරදය දුරුවෙයි. මළ බද්දයට නැතිවෙයි.  


මෙයින් පසු මොණරකුඩුම්බිය ශාකය සහමුලින් ගෙන කැඳ පිස දීම හෝ එම කරටි කඩා ව්‍යංජනය සාදා බත් සමඟ දීමෙන් රෝගියා තුළ ප්‍රතිශක්තිකරණය ඇති වෙයි. උදේ හීං බෝවිටියා කොළ කැඳ වරක් දෙවරක් උදේ ආහාරයට දීම යෝග්‍යයි. එයින් අක්මාවේ පවතින සංකූලතා නැතිවෙයි. 

වෛද්‍ය ශිරෝමණී පණ්ඩිත  
ජයසේන දහනායක



අදහස් (1)

​ෙඩංගු උණට උණ ගොබ පැණිය

Waharaka TV Monday, 24 May 2021 02:16 PM

උණ ගොබයේ සම්පූර්ණ උස අඩි 2ත් 2 හමාරත් නොවිය යුතුයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site