දයාසීලි ලියනගේ
ජාතික සමගි සන්ධානයේ ‘හෙලිකොප්ටර්’ ලාංඡනයෙන් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් කිරීමට සූදානමින් සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිස්ත්‍රික්ක 16ක සියලු පළාත් පාලන ආයතන සඳහා ‘අත’ ලකුණින් නාමයෝජනා භාර දුන්නේ නීතිමය ප්‍රශ්නයක් හේතුවෙන් බව දැන ගන්නට ඇත.
ඉතිරි දිස්ත්‍රික්කවල ආයතන කීපයකට ද තනිව තරග කරන එම පක්ෂය අනෙකුත් ආයතන සඳහා ‘හෙලිකොප්ටරය’ ලාංඡනයෙන් මැතිවරණයට ඉදිරිපත් වන බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය. මැතිවරණ කොමිසම සන්ධානයේ ලේකම් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා පිළි නොගන්නා නිසා මැතිවරණයේ දී ලැබෙන බෝනස් ආසන සඳහා සිදුවන අවාසිය මඟහරවා ගැනීමටත් පාක්ෂිකයන්ගේ ඉල්ලීම නිසාත් ආයතන ගණනාවකට වෙනම තරග කිරීමට තීරණය කළ බව ද ඔහු කීය.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රජයට සම්බන්ධ කණ්ඩායමේ දේශපාලනඥයන් පළාත් පාලන මැතිවරණයේ ඇතැම් ආයතන සඳහා ස්වාධීන කණ්ඩායම් ඉදිරිපත් කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. පසුගිය දින කීපයේ දී මේ සඳහා පුද්ගලයන් තේරීමේ කටයුතු සිදුවූ බව වාර්තා වේ.
2025 දෙසැම්බර් මස 18
135
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්‍රීලනිපය අතෙන් ආවේ නීතිමය ප්‍රශ්නයකින් ගැලවෙන්න