(දයාසීලි ලියනගේ)
විදුලිය හිඟයට පිළියමක් ලෙසට කෙරවලපිටිය වායු බලාගාරය (LNQ) පිහිටුවීමේ කටයුතු ලබන 1 වැනිදාට පෙර ආරම්භ කරන ලෙසට ඇමැති මහින්ද අමරවීර මහතා විසින් දෙන ලද නියෝගය ක්‍රියාත්මකට කිරීම විදුලිබල අමාත්‍යංශයේ ප්‍රබල නිලධාරියෙක් බාධා එල්ල කර ඇති බව වාර්තා වේ.
මෙම බලාගාරය පිහිටුවීම සඳහා අමාත්‍ය මණ්ඩලය එකඟතාවය දක්වා ඇති අතර ටෙන්ඩර් අනුමැතිය ද ලබාදී ඇතත්, නීතිපති උපදෙස් ලබාගත යුතු බව සඳහන් කරමින් මෙම ඉදිකිරීම් කල් දැමීම සිදුවෙන බව එම නිලධාරියා ප්‍රකාශ කර ඇත.
ලබන මැයි මාසය දක්වා වැසි නොලැබුණහොත් බරපතළ තත්ත්වයක් ඇති වෙන නිසා මාස 6කට මෙ.වො. 100ක හදිසි විදුලි මිල දී ගැනීමකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් කීය.
හදිසි මිලදී ගැනීම් සෑම වර්ෂයකම සිදුකිරීම වැළැක්වීම සඳහා LNQ බලාගාරය පිහිටුවීම වහාම ආරම්භ කරන ලෙසට උපදෙස් දී ඇත.
පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හොත් මෙම බලාගාරය පිහිටුවීම තවත් කාලයකට දිග්ගැසීමට ඉඩ තිබෙන නිසා ඊට පෙර මෙය සිදු කළයුතු බව ඇමැතිවරයා උපදෙස් දී ඇතැයි සඳහන් වේ.
එහෙත් නීතිපතිවරයාගෙන් විමසීමකින් තොරව මෙය කළ නොහැකි බව අමාත්‍යාංශ නිලධාරියෙක් දන්වා අතැයි වාර්තා වේ. නීතිපතිවරයාගෙන් පිළිතුරක් ලබාගැනීම අවශ්‍ය නොවන අතර, එසේ කළහොත් මහ මැතිවරණය පසුවන තෙක් වැඩ ආරම්භ කිරීමට නොහැකි බව ඇමැතිවරයා පෙන්වා දී ඇත.
2025 දෙසැම්බර් මස 18
472
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1046
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෙරවලපිටියේ වායු බලාගාරයට විදුලියේ නිලධාරීන්ගෙන් බාධා!