
සුජිත් හේවාජුලිගේ
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ගිය වර්ෂයේදී පැවරූ නඩු 89 කින් නඩු 45ක්ම විවිධ හේතු මත ඉල්ලා අස්කරගෙන ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි. කෙසේ වෙතත් මින් යළි පවරා ඇත්තේ නඩු විස්සක් පමණක් බවද එම කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.
මේ අතර අල්ලස් කොමිසම පැවරූ නඩු 18 ක චූදිතයන් 2021 වර්ෂයේදී නිවැරදිකරුවන් වී තිබූ බවත්, වැරදිකරුවන් වී තිබුණේ නඩු 11ක චූදිතයන් පමණක් බවත් එම වාර්තාවේ දැක්වේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පසුගිය 2021 වර්ෂයේදී නඩු 69 ක් අවසන් කර තිබූ නමුත්, ඉන් නඩු හතළිහක් පසුව ඉල්ලා අස්කරගෙන තිබිණැයි කියන විගණන කාර්යාලය එය මුළු නඩු සංඛ්‍යාවෙන් සියයට පනස් අටක ප්‍රතිශතයක් බවද ප්‍රකාශ කරයි.
මේ අතර එම කොමිෂන් සභාවේ නීති අංශයේ වැඩ අවසන් නොකළ ලිපිගොනු 1508ක් පැවතුණු බවත්, ඉන් ලිපිගොනු 489 ක් වසර පහකට වැඩි කාලයකට අයත් වූ ඒවා බවත් වාර්තාවේ දැක්වේ.
අවසන් නොකළ ලිපිගොනු 926ක් පසුගිය වසරේ දෙසැම්බර් 31 දින තෙක්ම පැවතුණු නමුත් ඒ පිළිබඳ වාර්තා විගණනයට ඉදිරිපත් නොවුණු බව විගණන නිලධාරීහු පෙන්වා දෙති.
මේ අතර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ මට්ටමේ පුරප්පාඩු 36ක්ද, තෘතියික මට්ටමේ පුරප්පාඩු 203ක්ද ද්විතියික මට්ටමේ පුරප්පාඩු එකසිය පනස් අටක්ද, ප්‍රාථමික මට්ටමේ පුරප්පාඩු පනස් හයක්ද, විමර්ශන කාර්ය මණ්ඩල පුරප්පාඩු 15 ක්ද පසුගිය වසරේදී පැවති බව විගණන කාර්යාලය පවසයි.
2025 නොවැම්බර් මස 21
180
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
247
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1124
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
’’අල්ලස් ’’ නඩුවලින් බාගයක් ම අයින් කරගෙන