IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සභා රුසකට වාරණ: පුංචි ජන්දය කල්යයි? අධිකරණ කටයුතු අවසන් කරගන්න වෙනවා - කොමිසමේ සභාපති

සුජිත් හේවාජුලිගේ

පළාත් පාලන මැතිවරණය තවත් මාස දෙක තුනකින් කල් යෑමට බොහෝ දුරට ඉඩ ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ගවලින් පැවසේ.

පළාත් පාලන මැතිවරණ ඡන්ද විමසීම ලබන මැයි මස 6 වැනිදා පැවැත්වීමට මුලින් තීරණය කර තිබුණත් ඇතැම් පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් අධිකරණයෙන් නිකුත් කෙරුණු වාරණ නියෝග හා වෙනත් අධිකරණ කටයුතු හේතුවෙන් ඒවායේ ඡන්ද විමසීම් පැවැත්විය නොහැකි තත්වයක් මතුව තිබෙන බව මැතිවරණ කොමිෂන්  සභාව පවසයි.

මේ සම්බන්ධයෙන් අප මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායකගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ සියලු‍ දේ කිරීමට ප්‍රථම පළාත් පාලන ආයතන සම්බන්ධ අධිකරණ කටයුතු අවසන් කර ගත යුතු බවයි. ඊට පසුව කොමිෂන් සභාව රැස්වී දිනය සම්බන්ධයෙන් සුදුසු තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය.

පළාත් පාලන ආයතන තිහකට ආසන්න සංඛ්‍යාවක් සම්බන්ධයෙන් අධිකරණයෙන් දැනටමත් වාරණ නියෝග නිකුත් වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාවට දැනගන්නට ඇත. 

එහෙත් ඒවායේ නඩු වාර්තා තවමත් නිශ්චිත වශයෙන් කොමිෂන් සභාවට ලැබී නැති හෙයින් කොමිසමේ නිලධාරි කණ්ඩායම් එම වාර්තා ලබා ගැනීමට අධිකරණයට යොමු කර ඇති බව සභාපතිවරයා පැවසීය.

මෙයට අමතරව පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් තවත් නඩු තීන්දු ගණනාවක් ඉදිරි දිනවල ලැබීමට නියමිතය. 

තවද අධිකරණ කටයුතු පවතින පළාත් පාලන ආයතනවලට  තැපැල් ඡන්ද පත්‍රිකා බෙදා හැරීම නවත්වා ඇත. දැනට තැපැල් ඡන්ද පත්‍රිකා බෙදා හැර ඇත්තේ එවැනි ගැටලු නැති පළාත් පාලන ආයතන 114 ක්  සඳහා පමණි.

මේ සියලු‍ කරුණු හේතුවෙන් පළාත් පාලන මැතිවරණය නිශ්චිත දිනට පැවැත්වීම බරපතළ ගැටලු‍වක් වනු ඇත. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කොටසින් කොටස පැවැත්වීම ලොකු මුදල් නාස්තියක් වන බව බොහෝ පිරිස් පෙන්වා දීම හේතුවෙන් ඒ කාරණය පිළිබඳව ද කොමිසමේ විශේෂ අවධානය යොමු වී ඇත.

දිවයින පුරා පළාත් පාලන ආයතන 336ක මැතිවරණය ලබන මැයි මස 6 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව පසුගියදා තීරණය කළේය. මේ අතර පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය සියලු‍ම භාණ්ඩ මිලදීගෙන ඇතැයි එම කොමිසම සඳහන් කරයි.

 



අදහස් (0)

සභා රුසකට වාරණ: පුංචි ජන්දය කල්යයි? අධිකරණ කටයුතු අවසන් කරගන්න වෙනවා - කොමිසමේ සභාපති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 51 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 718 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 341 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site