IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


සජිත්ට සියයට 50 ක් ලැබිලා ඉවරයි - මරික්කාර්


උපුල් වික්‍රමසිංහ


සමගි ජනබලවේගයට තිබූ සියයට40 ක ඡන්ද පදනම මේ වනවිට තීරණාත්මක ලෙස වර්ධනය වී ඇති බවත්, දෙවැනි මනාපයක් ගණන් නොකර සියයට 50ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත හැකිබවත් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසයි. 

 මේ වනවිට සජබ ලබා ඇති ජනප්‍රියත්වය සම්බන්ධයෙන් ඉරිදා ලංකාදීප කළ විමසුමකදී ඔහු මේ බව පැවසීය. 

“ඉතා අඩු ඡන්ද ප්‍රතිශතයක සිටි සමහරු මේ වනවිට සියයට30 ක පමණ වර්ධනයක් ඇති කරගෙන තිබෙනවා. එය අතිවිශාල වැඩි වීමක් ලෙස පෙනෙන එක සාමාන්‍ය දෙයක්. ඒ කණ්ඩායම්වල වර්ධනය ගැන අපිට ප්‍රශ්නයක් නෑ. ඒත් අපි ආරම්භයේ සිට හිටියේ සියයට40 ක. ඒ ප්‍රමාණය අපෙන් කවදාවත් ඈත් වුණේ නෑ. පසුගිය මාස දෙක තුළ අලුතින් සියයට10 කට වැඩි ප්‍රමාණයක් එයට එකතු වූ බව අපට පෙනෙන්නට තියෙනවා. මේ නිසා අපි ඉන්න තැන ගැන අපි පැහැදිලිව දන්නවා.” යැයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියේය.



අදහස් (0)

සජිත්ට සියයට 50 ක් ලැබිලා ඉවරයි - මරික්කාර්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 75 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 137 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 936 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site