IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


වෛද්‍ය සැපයුම් අංශයේ ඖෂධ 180ක හිඟයක්

සුදර්ශනී කෝණාර

මෙරට රෝහල් පද්ධතියේ මූලික ඖෂධ, ප්‍රතිජීවක ඖෂධ, හෘද රෝගීන්ට ලබාදෙන ඖෂධ, අධි රුධිර පීඩනය සහිත රෝගීන්ට ලබා දෙන ඖෂධ, ඇදුම රෝගීන් සහ දියවැඩියා රෝගීන්ට ලබාදෙන ඖෂධවල හිඟයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙළි කරයි.

ජීවිත ආරක්ෂක ඖෂධ 12ම මේ වන විට හිඟ බව එම සංගමයේ සහකාර ලේකම් සහ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ ‘ඉරිදා ලංකාදීප’යට පැවසීය. 

එමෙන්ම වැටුප් සහ යහපත් වෘත්තීය පරිසරයක් නොතිබීම හේතුවෙන් පසුගිය අවුරුදු දෙකකට ආසන්න කාලයේ දී වෛද්‍යවරුන් 1,500කට ආසන්න ප්‍රමාණයක් ද විශේෂඥ වෛද්‍යවරුන් 750කට ආසන්න ප්‍රමාණයක් ද රට අතහැර ගොස් ඇති බව හෙතෙම තව දුරටත් පැවසීය. 

ප්‍රධාන වශයෙන් භාවිත වෙන වෛද්‍ය සැපයුම් අංශයේ ඖෂධ 180කට අධික ප්‍රමාණයක ද රෝහල් පද්ධතියේ ඖෂධ 40කට අධික ප්‍රමාණයක ද හිඟයක් පවතින බව වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ප්‍රකාශ කර ඇති බව වෛද්‍යවරයා ප්‍රකාශ කළේය. 

ඖෂධ තොග බෙදාහැරීම හා තොග කළමනාකරණය නිසි පරිදි සිදු නොවීම සහ මධ්‍යම බෙහෙත් ගබඩාවේ හෝ ප්‍රාදේශීය බෙහෙත් ගබඩාවේ අවශ්‍ය ඖෂධ තිබුණ ද අදාළ රෝහල්වලට එම ඖෂධ නිසි පරිදි නොලැබීම යන කාරණා මෙම ඖෂධ හිඟයට බලපා ඇතැයි  ඔහු පැවසීය. මේ සම්බන්ධයෙන් අවශ්‍ය අවධානය ලබා දී කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන සැලසුම් සහ පියවර සහිතව මෙම ගැටලුව විසඳීම සඳහා අවශ්‍ය පාර්ශ්ව මැදිහත්විය යුතු බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.



අදහස් (0)

වෛද්‍ය සැපයුම් අංශයේ ඖෂධ 180ක හිඟයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 150 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 767 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 374 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site