IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


වැඩ වර්ජන 150 කින් රටට පාඩුව කෝටි ලක්ෂයක්

• වැඩිම වර්ජන සෞඛ්‍ය, අධ්‍යාපන, දුම්රිය

• සරසවි සේවක වර්ජන පාඩුව කෝටි 1200ක්

සුජිත් හේවාජුලිගේ
දුම්රිය, සෞඛ්‍ය, අධ්‍යාපන සහ විදුලිය ඇතුළු රටේ විවිධ අංශවල  ප්‍රධාන වැඩවර්ජන දෙසීයකට වැඩි  සංඛ්‍යාවක් පසුගිය වසර  පහක පමණ කාලයේදී ක්‍රියාත්මක වී  ඇතැයි රජයේ ආරංචි මාර්ගවලින් පැවසේ. මෙම ලොකු කුඩා වැඩ වර්ජන හේතුවෙන් රටට ඍජුව හා වක්‍රව සිදුවී ඇති පාඩුව දළ වශයෙන් රුපියල් කෝටි ලක්ෂය ඉක්මවන බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.

ඉහත කාල සීමාවේදී වැඩ වර්ජන වැඩි වශයෙන් සිදුවී ඇත්තේ දුම්රිය, විදුලිය, සෞඛ්‍ය සහ  අධ්‍යාපන යනාදී ක්ෂේත්‍රවලය. මේ අතර,  විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් කරගෙන යන වැඩ වර්ජනය හේතුවෙන් මේ දක්වා සිදුවී ඇති පාඩුව දළ වශයෙන් කෝටි 1200 ඉක්ම වන බව සංඛ්‍යා දත්ත විශ්ලේෂණයේදී පෙනී යන්නේ යැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන  අධ්‍යනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසීය.
එම සේවකයන් මේ දක්වා වැඩ වර්ජනය කර ඇති දින ගණන 72කි. විශ්වවිද්‍යාල පද්ධතිය පවත්වාගෙන යෑම සඳහා වාර්ෂිකව රුපියල් කෝටි 6000ක් පමණ දරයි. ඒ අනුව දිනකට දරන  මුදල රුපියල් කෝටි 16ක් පමණ වේ. විශ්වවිද්‍යාල පද්ධතිය පවත්වාගෙන යෑම සඳහා රජය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට මේ වර්ෂයේදී ලබාදී ඇති මුදල රුපියල් කෝටි 7100 ක් බව පැවසූ මහාචාර්යවරයා ප්‍රාග්ධන වියදම් ලෙස කෝටි 750 ක් සහ පුනරාවර්තන වියදම් ලෙස කෝටි 6350 ක් ඊට ඇතුළත් වන බවද ප්‍රකාශ කළේය.
විශ්වවිද්‍යාලයන්හි ලක්ෂ පහකට ආසන්න දරුවෝ සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබති. අනධ්‍යයන සේවකයන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාල සිසුන්ගේ විභාග කටයුතු, උපාධි ප්‍රද‌ානෝත්සව සහ  සහතික නිකුත් කිරීම යනාදී කටයුතු සම්පූර්ණයෙන්ම පාහේ නතරවීමෙන් මෙම පාඩුව  සිදුවී ඇත.
එම කටයුතු අඩපණ වුවද විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩලවලට වැටුප් ගෙවීම සඳහා මුදල් සාමාන්‍ය පරිදි වැය කිරීමට රජයට සිදුවේ.
මේ අතර 2022 වර්ෂයේදී රට පුරා ප්‍රධාන වැඩ වර්ජන දහඅටක් පමණ සිදුකර ඇත. 2021 වර්ෂයේදී වැඩ වර්ජන විසි එකක් සිදු කර  ඇති අතර  2020 වර්ෂයේදී සිදුකර ඇති වැඩ වර්ජන ප්‍රමාණය 28කි. එමෙන්ම 2019 වර්ෂයේදී වැඩ වර්ජන 25 ක් සිදුකර ඇත.
එමෙන්ම 2022 වර්ෂයේදී වැඩ වර්ජන හේතුවෙන්  අහිමි වී ඇති මිනිස් දින ගණන 11,418 කි. 2021 වර්ෂයේදී මිනිස් දින 116,770 ක්ද 2020 වර්ෂයේ දී මිනිස් දින 22,590ක්ද 2019 වර්ෂයේදී මිනිස් දින 56,052ක්ද 2018 වර්ෂයේදී මිනිස් දින 49,618ක්ද අහිමි වී ඇතැයි පැවසේ.
මේ අතර දිනක වැඩවර්ජනයක් හේතුවෙන් දළ ජාතික නිෂ්පාදනයට රුපියල්  කෝටි 4600 ක් පමණ (දෛනික ආදායම)  අහිමි වන බව මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරයි. වැඩවර්ජන හේතුවෙන් අධ්‍යාපනයට සිදුවන හානිය ගණනය කළ නොහැකි තරම් ඉහළ මට්ටමක පවතින බව සඳහන් කරන රාජ්‍ය අමාත්‍යවරයා, රට දිනක් සම්පූර්ණයෙන් අකර්මණ්‍ය කළහොත් රුපියල් කෝටි 4600 ක මුදලක් රටට අහිමි වන බවද සඳහන් කළේය.
අද ඇතැමුන් කටයුතු කරන්නේ ඒ සඳහා බවද ඔහු කීවේය.
මෙරට වාර්ෂික දළ  ජාතික නිෂ්පාදනය රුපියල් කෝටි 16,80,900 ක්  බවත් එය දින 365 න් බෙදූ විට දිනක ආදායම රුපියල් කෝටි 4600ක්  බවත්  අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මේ අතර බොහෝ වැඩවර්ජන පිටුපස දේශපාලන හස්තයන් ක්‍රියාත්මක වී ඇති බව බුද්ධි අංශ රජයට භාර දී ඇති වාර්තාවක දැක්වේ.

 



අදහස් (0)

වැඩ වර්ජන 150 කින් රටට පාඩුව කෝටි ලක්ෂයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site