IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


වරායේ ලොක්කෙකුට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

යොහාන් භාසුර
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වර්තමාන කළමනාකාර අධ්‍යක්‍ෂවරයා ත්‍රිකුණාමලය වරායේ නේවාසික කළමනාකාරවරයා ලෙස කටයුතු කළ කාලයේ ජපානයෙන් ප්‍රදානය කළ නවීන අධිතාක්‍ෂණික නියමු යාත්‍රාවක් පෞද්ගලික විනෝද චාරිකාවක් සඳහා යොදාගැනීමෙන් රුපියල් ලක්‍ෂ 200කට අධික පාඩුවක් කර ඇති හෙයින් එම සිද්ධිය පිළිබඳව සාධාරණ පරීක්‍ෂණයක් පවත්වා රාජ්‍ය දේපළ අවභාවිත කිරීමට උපදෙස්දීම සහ අලාභහානි කිරීම යන චෝදනාවට නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් ත්‍රිකුණාමලය වරාය සේවක පිරිසක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලිඛිත පැමිණිල්ලක් කර තිබේ.  

වරාය අධිකාරියේ හිටපු සභාපතිවරයෙකු වන හිටපු හමුදාපති ජෙනරාල් දයා රත්නායකගේ පුත්‍රයා සහභාගි වූ නැගෙනහිර මුහුදේ විනෝද චාරිකාවක් සඳහා අදාළ නවීණ අධිතාක්‍ෂණික නියමු යාත්‍රාව සපයා වරාය අධිකාරියේ වර්තමාන කළමනාකාර අධ්‍යක්‍ෂවරයා එම චාරිකාවට නායකත්වය සපයා ඇති බව ද එම පැමිණිල්ලේ සඳහන් වේ. 
හිටපු සභාපතිවරයාගේ පැසසුම් බලාපොරොත්තුවෙන් වරාය අධිකාරියේ වර්තමාන කළමනාකාර අධ්‍යක්‍ෂවරයා සංවිධානය කළ එම විනෝද චාරිකාවේදී එම යාත්‍රාවේ රාජකාරියට නියමිත නිලධාරීන් දෙදෙනා වෙනුවට පළපුරුද්ද අඩු පුද්ගලයකු යාත්‍රාව පැදවීමට නීත්‍යනුකූල නොවන ලෙස යොදවා ඇති බවත් එම නිලධාරියාගේ පළපුරුද්ද අඩුවීම හේතුවෙන් යාත්‍රාව මාබල් බීච් ප්‍රදේශයේදී ගල්පරයක හැපී අනතුරට පත්වූ බවත් එහි සඳහන් වේ.
සැපයුම් කොට්ඨාසයේ මිලදී ගැනීමේ වාර්තා අනුව රුපියල් මිලියන 20 ක් හෙවත් රැපියල් කෝටි දෙකකට අධික මුදලක් යාත්‍රාව අලු‍ත්වැඩියා කිරීමට අමතර කොටස් මිලදී ගැනීමට වැයවී ඇති බවත් එවැනි දැවැන්ත මුදලක් වැයකර එම යාත්‍රාව අලු‍ත්වැඩියා කළ ද යාත්‍රාව භාවිතයට ගත නොහැකි තත්ත්වයට පත්ව ඇති බවත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට කළ පැමිණිල්ලේ සඳහන් වේ. 
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු ලොග් සටහනක් හෝ ලිඛිත සාක්‍ෂි නොතැබූ වරාය අධිකාරියේ වර්තමාන කළමනාකාර අධ්‍යක්‍ෂවරයා බලය පාවිච්චි කර සිද්ධිය යට ගැසූ බව ද එම පැමිණිල්ලේ සඳහන් වේ.
මෙම යාත්‍රාව නැවත වරක් අලු‍ත්වැඩියා කිරීමට නාවික හමුදාව වෙත පැවරීමේ සූදානමක් පවතින බව කියන වරාය සේවකයෝ වරාය අධිකාරියේ දක්‍ෂ ඉංජිනේරුවන් සිටියදී එහි පිරිවැය පිළිබඳ තොරතුරු හෙළිවීම වැළැක්වීම සඳහා නාවික හමුදාවට අලු‍ත්වැඩියාව පවරන බව සඳහන් කරති.  මෙම අපරාධය පිළිබඳව වරාය අධිකාරියේ සේවකයන් කීපවරක්ම පැමිණිලි කළ ද වරාය අධිකාරියේ වර්තමාන කළමනාකාර අධ්‍යක්‍ෂවරයා පවතින සෑම ආණ්ඩුවකම මැති ඇමතිවරුන් පසුපසින් යමින් සිද්ධිය යටපත් කළ බව ද එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ. 



අදහස් (0)

වරායේ ලොක්කෙකුට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 96 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 898 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site