IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


විදුලි සංදේශ සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ප්‍රශ්නකාරියි

- මහාචාර්ය රොහාන් සමරජීව


උපුල් වික්‍රමසිංහ 
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනතෙන් අන්තර්ජාලය භාවිත කරමින් සිදු කරන වැරදි හා ඒවාට ලබා දෙන දඬුවම් පැහැදිලිව දක්වා තිබියදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 1991 අංක 25 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ (සංශෝධන) පනත් කෙටුම්පතේ 59 (අ) වගන්තියෙන් දුරකථනයක් භාවිතයෙන් මහජන කැලඹීමක් ඇති කිරීමේ හෝ මහජන සාමය කඩ කිරීමේ අදහස ඇතිව ඇමතුම් ලබා ගැනීම, පණිවුඩ යැවීම වරදක් ලෙස නැවතත් දක්වා තිබීම ප්‍රශ්නකාරී යැයි විදුලි සංදේශ නියාමන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය රොහාන් සමරජීව මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය.

පනත් කෙටුම්පතෙහි 59 ආ අනුවගන්තියෙන් දැනුම්වත්ව යම් වරදක් සිදු කිරීමට අදාළව අසත්‍ය තොරතුරු ලබා දීම ද වරදක් ලෙස දක්වා ඇතැයි කී මහාචාර්යවරයා එවැන්නක් විදුලි සංදේශ පනතකට අදාළ වන්නේ කෙසේ දැයි තමා ප්‍රශ්න කරන බව ද සඳහන් කළේය.පනතෙහි අදාළ වගන්ති අප පරිශීලනය කළ අතර ඒ අනුව 59අ අනු වගන්තියෙහි සඳහන් වරදක් කරන අයෙකුට රුපියල් මිලියනයකට නොවැඩි දඩයක් හෝ මාස තුනකට ‍නොවැඩි කාලයකට බන්ධනාගාරගත කිරීමකට හෝ එම දඬුවම් දෙකටම ‍හෝ යටත් විය හැකිය යනුවෙන් දැක්වේ. එම අනුවගන්තිය පහත පරිදිය.
“මහජන කැලඹීම ඇති කිරීමේ හෝ මහජන සාමය කඩකිරීමේ අදහස ඇතිව දුරකතනයක් භාවිතයෙන් සිතාමතාම දුරකතන ඇමතුමක් ලබා ගන්නා හෝ පණිවුඩ යවන හෝ සම්ප්‍රේෂණය කරන සෑම තැනැත්තකුම වරදක් සිදු කරන අතර වරදකරු කරනු ලැබීමේදී රුපියල් මිලියනයකට නොවැඩි දඩයකට හෝ මාස තුනකට නොවැඩි කාලසීමාවක් සඳහා දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකට හෝ එකී දඩය සහ බන්ධනාගාරගත කිරීම යන දඬුවම් දෙකටම ද වරද අඛණ්ඩව සිදු කරගෙන යනු ලබන අවස්ථාවක එසේ වරද සිදු කරනු ලබන එක් එක් දිනය සඳහා රු.1500 බැගින් වූ දඩයකට හෝ මාස හයකට නොවැඩි කාලසීමාවක් සඳහා දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකට හෝ 
එකී දඩය සහ බන්ධනාගාරගත කිරීම යන දඬුවම් දෙකටම ද යටත් විය යුතුය”.
කුප්‍රකට සිල් රෙදි නඩුව විදුලි සංදේශ නියාමන කොමිසම සතු මුදල් ‍දේශපාලන ප්‍රචාරක ව්‍යාපෘතිවලට ‍යොදා ගැනීම සම්බන්ධයෙන් දැක්විය හැකි මෑතකාලීන උදාහරණයක් බව කී සමරජීව මහතා විදුලි සංදේශ කටයුතුවලට වෙන් කළ මුදල් දේශපාලන වැඩසටහන් සඳහා යොදා ගැනීම වළක්වන ආකාරයේ ප්‍රතිපාදන මේ පනත් කෙටුම්පතට ඇතුළත් කරනු ඇතැයි අපේක්ෂා කළ ද එවැන්නක් ඇතුළත් කර නැති බව ද ප්‍රකාශ කළේය.

 



අදහස් (0)

විදුලි සංදේශ සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ප්‍රශ්නකාරියි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 694 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site