උපුල් වික්‍රමසිංහ
විවිධ පාර්ශ්වවලින් ලද විධි විරෝධී ඉල්ලීම්, නිර්දේශ, අභියාචන සහ නියෝග ලිපි මත වසර 2020 ජනවාරි 01 දින සිට 2022 මැයි 31 දක්වා කාලයේ දී නොයෙක් චක්‍රලේඛ මගින් හඳුන්වා දී ඇති විධිමත් ක්‍රමවේදයන්ගෙන් බැහැරව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් විදුහල්පතිවරුන් අමතා නිකුත් කරන ලද ලිපි උපයෝගී කරගෙන සිසුන් 2237 දෙනකු අතරමැදි ශ්‍රේණිවලට (2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා (5, 6 ශ්‍රේණි හැර) ඇතුළත් කර ගැනීමට එම පාසල්වල විදුහල්පතිවරුන්ට සිදු වී තිබුණු බව නිරීක්ෂණය වන්නේ යැයි විගණකාධිපති දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වේ.
විධිමත් ක්‍රමවේදයෙන් බැහැරව ලේකම්වරයා විසින් නිකුත් කරන ලද ලිපි 3308 ක ප්‍රමාණයෙන් 2367 ක ප්‍රමාණයක් එනම්, එම ලිපිවලින් සියයට 72 ක ප්‍රමාණයක් රජයේ අමාත්‍යවරුන් ඇතුළු මහජන නියෝජිතයන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ජනාධිපති හා අග්‍රාමාත්‍ය කාර්යාල ආදී විවිධ ආයතනවලින් ලද ඉල්ලීම්, නිර්දේශ, අභියාචන සහ නියෝග ආදියට අනුව සිදු කරන ලද අනුමත කිරීම් බව නිරීක්ෂණය වන බව ද එම විගණන වාර්තාව කියයි.
මේ බව දැක්වෙන්නේ 2020 ජනවාරි 01 සිට 2022 මැයි 31 දක්වා කාලයේ දී ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම පිළිබඳ විශේෂ විගණන වාර්තාවෙහිය.
2025 දෙසැම්බර් මස 30
85
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
734
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
356
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ලියුම්වලින් අතරමැදි ශ්‍රේණිවලට සිසුන් 2237 ක් ඇවිත්