IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ලංකා මුහුදු පතුලේ ලෝකෙ පුදුම කරවන තැන් 113ක්

SUB - ගුවන් යානා හයක් නැව් 107 ක් ඒ අතර

නිමන්ති රණසිංහ

ශ්‍රී ලංකා මුහුදු පතුලේ ඇති ඓතිහාසික වශයෙන් වැදගත් සංරක්ෂණය කළ යුතු ස්ථාන( පුරාවස්තු) 113 ක් හඳුනාගෙන ඒ සම්බන්ධයෙන්  විශේෂ වාර්තාවක් පිළියෙල කරගෙන යන බව  මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය  ගාමිණී රණසිංහ මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.

මුහුදු පතුලේ  පවතින මෙම පුරාවස්තු අතර  ගුවන් යානා හයක්ද  ඇති බව පැවසූ මහාචාර්යවරයා සෙසු ඒවා ගිලීගිය නෞකා බවද  සඳහන් කළේය.
මෙම ගුවන් යානා හයෙන් දෙකක් මුහුදට වැටී ඇත්තේ දෙවෙනි ලෝක සංග්‍රාමය සමයේදී බවත් ඉතිරි ගුවන් යානා හතර ඊළාම් යුද්ධය සමයේදී කඩා වැටුණු ඒවා බවත් රණසිංහ මහතා කීවේය.


නෞකාවලින්  වැඩි හරියක් ගිලී ගොස් ඇත්තේ බ්‍රිතාන්‍ය යුගයේදී බවද ඔහු අනාවරණය කළේය.


මෙම පුරාවස්තු ස්ථාන සම්බන්ධයෙන් විශේෂ අධ්‍යයනයක් කරගෙන යන බවත්  මේවා ගොඩ ගැනීම ප්‍රායෝගික නොවන හෙයින්  සංචාරක කර්මාන්තයේ  ප්‍රවර්ධනය සඳහා යොදාගැනීමේ (සංචාරකයන්ට කිමිදී දැකබලා ගැනීම) අවශ්‍යතාව රජයට පෙන්වාදී  ඇති බවත් ගාමිණී රණසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


ශ්‍රී ලංකා මුහුදු තීරයේ ගිලී ගිය එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ පහළ කොටසද සංරක්ෂණය කළ යුතු ස්ථානයක් ලෙස හඳුනාගෙන ඇතැයි  මහාචාර්යවරයා වැඩිදුරටත් පැවසීය.
මේ අතර  අත්තනගළු  ඔයෙන් කලකට පෙර හමුවී කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ තැන්පත් කර පවතින  ඓතිහාසික ඔරුවද සංරක්ෂණය කිරීමට පියවර ගන්නා බව මධ්‍යම සංස්කෘතික අරමුදල පවසයි.

 



අදහස් (0)

ලංකා මුහුදු පතුලේ ලෝකෙ පුදුම කරවන තැන් 113ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 595 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1093 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site