IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


ලංකාවේ හැම පවුලක්ම ලක්ෂ 48ක් ණයයි

අලු‍ත්ම ණය වාර්තාව එළියට


සුජිත් හේවාජුලිගේ


ලංකාවේ සාමාන්‍ය පවුලක් වෙනුවෙන් රජය ලබාගෙන ඇති ණය ප්‍රමාණය මේ වසරේ ජූලි මාසය වනවිට ලක්ෂ 48ක් දක්වා ඉහළ ගොස් ඇති බව මුදල් අමාත්‍යාංශ සහ මහ බැංකු වාර්තා පෙන්වා දෙන්නේ යැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ  මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය.

ඉකුත් වසර පහ සමඟ සංසන්දනය කිරීමේදී ලංකාවේ එක පවුලක් වෙනුවෙන් ගත් ණය ප්‍රමාණය ලක්ෂ විසි හයකින් ඉහළ ගොස් ඇතැයිද ඔහු සඳහන් කළේය.

රජය එක් පවුලක් වෙනුවෙන් 2019 වර්ෂයේදී ලබාගෙන ඇති ණය ප්‍රමාණය 2,211,471කි. මේ වසරේ ජූලි මාසය වන විට රජය එක් පවුලක් වෙනුවෙන් ලබාගෙන ඇති ණය ප්‍රමාණය 4,819,256 ක් බව පෙන්වා දෙන මහාචාර්යවරයා එක් පවුලක් වෙනුවෙන් ලබාගෙන ඇති ණය ප්‍රමාණය මේ අනුව 2,606,563 කින්  ඉහළ ගොස් ඇතැයි ද සඳහන් කළේය.

එක් පවුලක් වෙනුවෙන් ගත් ණය ප්‍රමාණය සියයට 65 කින් පමණ වැඩි වී ඇත්තේ දේශීය වශයෙන් ලබාගත් ණය හේතුවෙන් බව ඔහු පෙන්වා දුන්නේය. එක් පවුලක් වෙනුවෙන් ගත් ණය ප්‍රමාණය විදේශ ණය හේතුවෙන් වැඩි වී ඇත්තේ සියයට තිස්පහකින් බව මහා බැංකු වාර්තාවල දැක්වෙන්නේ යැයිද හෙතෙම සඳහන් කළේය.

මේ අතර  1972 - 78 කාලයේදී අවුරුද්දකදී ඉහළ ගිය (ණය වැඩිවීම) ඒක පුද්ගල ණය ප්‍රමාණය රුපියල් 158කි.

1978 - 88 කාල සීමාවේදී වසරකදී ඉහළ ගිය ඒක පුද්ගල ණය ප්‍රමාණය රුපියල් 1030 කි. 1989 - 93 අතර කාලයේදී අවුරුද්දකට රුපියල් 2477කි. 1993- 94 කාලයේදී රුපියල් 3371කි. 1995 - 2005 අතර කාලයේදී රුපියල් 77,118 කි. 2006 - 2014 කාලයේදී රුපියල් 25,561කි. 2015 - 19 අතර කාල සීමාවේදී රුපියල් 37,525කි. 2020 - 22 අතර කාලයේදී රුපියල් 198,494 කි. 2022 - 24 කාලසීමාවේදී රුපියල් 104,287කි. 

 



අදහස් (0)

ලංකාවේ හැම පවුලක්ම ලක්ෂ 48ක් ණයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 362 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2160 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1640 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site