IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


රජය මිලදී ගන්නා වී දින හතරක සහල් සඳහා පමණයි - ගොවි අරගල ව්‍යාපාරය

ඉන්දික හේවාවිතාරණ
වී මිලදී ගැනීම සඳහා රජය වෙන් කර තිබෙන රුපියල් කෝටි 500ක මුදලින් මිලදී ගත හැකි වී මෙ.ටො. 41,000 තොගයෙන් ලැබෙන සහල් ප්‍රමාණය රටේ ජනතාවට ප්‍රමාණවත් වන්නේ දින හතරකට පමණක් බව ගොවි අරගල ව්‍යාපාරයේ ජාතික සංවිධායක විමල් වත්තුහේවා සඳහන් කළේය. 

නාඩු  වී කිලෝවක සහතික මිල රුපියල් 120ක් බවත් මෙම මුදලට වී ලබා ගෙන නාඩු සහල් කිලෝවක් රුපියල් 225නට ලබා දිය හැකි බවත් මේ වන විට නාඩු සහල් කිලෝවක් රුපියල් 230 කට අලෙවි කරන නිසා නාඩු වී කිලෝවක මිල රුපියල් පහකින් ඉහළ දැමිය යුතු බවත් එසේ නොමැති නම් නාඩු සහල් කිලෝවක මිල රුපියල් පහකින් පහළ දැමිය යුතු බවත් ඔහු පැවසීය.
මෙම කන්නයේ වී අස්වැන්න මිලදී ගැනීම සඳහා වී අස්වැන්න නෙළන ප්‍රදේශවල මේ වන විට වී ගබඩා විවෘත කර තිබෙන බවත් නාඩු වී කිලෝව රුපියල් එකසිය විස්සක මුදලකට මිලදී ගන්නා බවත් මණ්ඩලයට මිලදී ගනු ලබන්නේ වියළි  වී පමණක් බවත් වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද සඳහන් කළේය.
විවෘතව පවතින ගබඩාවලට ගොවි ජනතාව වී තොග රැගෙන ආ පසුව මිලදී ගැනීම් සිදුකරන බවද හෙතෙම පැවසීය.  වී අස්වැන්න නෙළන ප්‍රදේශ අනුව වී ගබඩා විවෘත කරන බවත්  වී මිලදී ගැනීම සඳහා පළමු අදියර යටතේ රුපියල් කෝටි පන්සීයක මුදලක් ලැබී තිබෙන බවත් ඔහු සඳහන් කළේය. 
වි මිල දී ගැනීමට මීට සමාන මුදල් ප්‍රමාණයක් තවත් අදියරක් යටතේ වෙන් විය හැකි බවත් පළමු අදියර යටතේ වෙන් කළ මුදල මේ වන විට ලැබී තිබෙන බවත් සභාපතිවරයා පැවසීය.  
වී අලෙවි මණ්ඩලය හරහා රජය වී කිලෝවක් සඳහා ගෙවන සහතික මිල අනුව  මෙවර කන්නයේදී නාඩු වී කිලෝවක් රුපියල් 120ට, සම්බා වී කිලෝවක් රුපියල් 125කට, හා කීරි සම්බා වී කිලෝවක් රුපියල් 132කට මිලදී ගන්නා බව විෂය භාර අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත සඳහන් කළේය.
වි සඳහා සහතික මිලක් නියම කිරීමට පෙර මෝල් හිමියන් විසින් නාඩු හා සම්බා වී ඉහළ මිලකට මිලදී ගත් බවත් සහතික මිල නියම කිරීමත් සමග මෝල් හිමියන්ද වී මිල පහළ දමා තිබෙන බවත් එකාබද්ධ ගොවි සංවිධාන හා අඳ ගොවි ව්‍යාපාරය සඳහන් කරයි.
මෙම කන්නයේදී  නාඩු  කිලෝවක් සඳහා රුපියල් එකසිය තිහකට වැඩි මිලක් හා සම්බා කිලෝවකට රුපියල් 14ක්  හා කීරි සම්බා වී කිලෝවකට රුපියල් 145 කට වැඩි මිලක් ලැබිය යුතුව තිබූ බවද එම සංගමයේ ලේකම් ජයන්ත විජේසිංහ සඳහන් කළේය. 
ගොවිජනතාව මෙම මිල ඉල්ලා සිටි නිසා පුද්ගලික වෙළෙඳුන් පසුගිය දිනවල නාඩු වී කිලෝවක් රුපියල් 130 - 140 අතර මිලකට මිලදී ගත් බවත් සම්බා වී කිලෝවක් රුපියල් 140 - 150 අතර මිලකට හා කීරිසම්බා  වි  කිලෝවක් රුපියල් 150 - රුපියල් 160 අතර මුදලකට මිලදී ගත් බවත් ඔහු පැවසීය.
රජයේ සහතික මිලට වී ලබා දීමට නම් සියයට දාහතරේ වියළි තත්ත්වය තිබිය යුතු බවත්  මේ ආකාරයට වියළි තත්ත්වයට වී පත් කිරිමට අතිබහුතරයක් ගොවීන්ට පහසුකම් නොමැති බවත් හෙතෙම සඳහන් කළේය. 
රජයේ ගබඩා සඳහා වී ප්‍රවාහනය කිරීම සඳහා සැලකිය යුතු මුදලක් ගොවීන්ට දැරීමට සිදුව තිබුණත් බෙහෝ ප්‍රදේශවල පුද්ගලික වෙළෙඳුන් කුඹුරට හෝ ගොවියාගේ  නිවසට පැමිණි වී මිලදී ගන්නා බවත් ඔහු පැවසීය.
මෙවර වී මිල තීරණය කර තිබෙන්නේ විද්වත් කමිටුවකින් බවට රජය ප්‍රකාශ කරන බවත් මේ අනුව වී මිල තිරණය කිරීමට යොදා ගත් කරුණු කඩිනමින් ආණ්ඩුව ප්‍රකාශයට පත් කළ යුතු බවත් ඔහු පැවසීය.
වී මිල තීරණය කිරීමේදී ගොවියාත් පාරිභෝගිකයාත් ආරක්ෂාවන මිලක් නියම කළ යුතු වුවද මෙවර සිදුවී තිබෙන්නේ මෝල් හිමියන්ට වාසි වන ආකාරයේ වී මිලක් තිරණය කිරීම හා සහල් මිලක් පවත්වාගෙන යාම බවද හෙතෙම සඳහන් කළේය.

 



අදහස් (0)

රජය මිලදී ගන්නා වී දින හතරක සහල් සඳහා පමණයි - ගොවි අරගල ව්‍යාපාරය

ඔබේ අදහස් එවන්න

 

 
 

පුවත්

පාලම් 97ක වැඩ කොටඋඩ
2025 මැයි මස 06 23 0

ගිවිසුම් අවලංගු කෙරුණු පාලම් 97ක ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට 2023 වසරේදී රුපියල් කෝටි 33කට වැඩි මුදලක් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තා


ඉන්දු-පාකිස්ථාන යුද්ධයක් ආවොත් ලොකු ලූනු අර්තාපල්-පරිප්පු හිඟවෙයි
2025 මැයි මස 06 38 0

ඉන්දු - පාකිස්ථාන අර්බුදය යුදමය ගැටුමක් දක්වා වර්ධනය වුවහොත් එම දෙරට විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අපනයනය කිරීම සීමා කිරීමට හෝ තහනම් කරනු ලැබීමට ඉඩ


විදුහල්පති සේවයේ පුරප්පාඩු 3000ක්
2025 මැයි මස 06 18 0

විදුහල්පති සේවයේ මේ වන විට පුරප්පාඩු 3000කට ආසන්න ප්‍රමාණයක් ඇති වී තිබෙන බව ශ්‍රී ලංකා වෘත්තීයවේදී විදුහල්පතිවරුන්ගේ සංගමය සඳහන් කරයි.


ජල වාෂ්ප වැඩිවීම සහ සුළඟ නොමැතිවීම දැඩි උණුසුමට හේතුවයි
2025 මැයි මස 06 15 0

මේ දිනවල වායුගෝලයේ පවතින දැඩි උණුසුම් තත්ත්වය සුළඟ නොමැතිවීම සහ වායුගෝලයේ ජල වාෂ්ප වැඩි වීම හේතුවෙන් ඇති වී තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ


පසුගිය මාසයෙහි පමණක් ඩෙංගු රෝහීන් 5018ක්
2025 මැයි මස 04 34 0

පසුගිය මාසයෙහි ඩෙංගු රෝගීන් 5,018 දෙනෙකු වාර්තා වී තිබෙන බවත් ඉදිරියේ දී ඇතිවන වැසි සමග තවදුරටත් රෝගින් වාර්තාවීම ඉහළ යා හැකි බවත් සෞඛ්‍ය කීට විද්‍යා නිල


ජනපති බංගලා ගන්න පිටරටින් පෝලිමක්
2025 මැයි මස 04 65 0

ජනාධිපති බංගලා කුලියට ගැනීමට දෙස් විදෙස් ආයෝජකයන් දස දෙනෙකු ඉදිරිපත්ව සිටින බව වාර්තා වේ. යාපනයේ ජනාධිපති බංගලාව කුලියට ගැනීමට කැනඩා ආයෝජකයන් ඇතුළු


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1252 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 320 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1343 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site