IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


මේ වසරේ ආදායමට වඩා වියදම වැඩි වෙලා

වසර අග ආදායම් හිඟයක් - පේරාදෙණියෙන් හෙළිදරව්වක්

සුජිත් හේවාජුලිගේ 

මේ වසරේ මුල් මාස හයේ  රජයේ ආදායම රුපියල් කෝටි 39,800කින්  වැඩිවී ඇතත් වියදම කෝටි 73,800කින් ඉහළ ගොස් ඇතැයි මුදල් අමාත්‍යාංශ වාර්තාවල දැක්වෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය.

මේ කාලයේ දී පුනරාවර්තන වියදම්වල (එදිනෙදා කටයුතු) වැඩිවීම පමණක්  කෝටි  හැත්තෑ පන්දහසක් බව ද ඔහු සඳහන් කළේය.


මේ අතර පසුගිය 2022 වර්ෂයේ මුල් මාස හයට  සාපේක්ෂව මේ වසරේ මුල් මාස හයේ දී රජයේ ආදායම වැඩිවී ඇත්තේ  සියයට 43 කින් පමණක් බව පැවසූ මහාචාර්යවරයා පුනරාවර්තන වියදම් සියයට 48 කින් ඉහළ ගොස් ඇතැයි ද සඳහන් කළේය. රටේ ආර්ථික වර්ධනයට අවශ්‍ය වන ප්‍රාග්ධන වියදම සියයට 7 ක් දක්වා පහළ ගොස් ඇතැයි ද ඔහු පැවසුවේය.


මේ අතර 2023 අයවැය ලේඛනය අනුව මුල් මාස හයේ කෝටි තුන්ලක්ෂ හතළිස් එක් දහස් පන්සියයක ආදායමක් රජය අපේක්ෂා කළ නමුත් ලබා ගත හැකි වී ඇත්තේ කෝටි එක් ලක්ෂ තිස් එක් දහස්  හත් සියයක් බවත් රජයේ අපේක්ෂිත ආදායමෙන් කෝටි අසූ දාහක් අහිමි වන තත්වයක් පවතින බවත් වසන්ත අතුකෝරළ මහතා පැවසීය.
මේ අනුව ආදායම් හිඟයකට මේ වසර අවසානයේ දී රජයට  මුහුණ දීමට සිදුවන බව ඔහු පැවසීය.


මේ තත්ත්වය තුළ දේශීය ණය ගැනීම් ඉහළ  යා හැකි හෙයින් රටේ ණය බර තවත් වැඩිවිය හැකි බවද  ඔහු පෙන්වා දෙයි.

 



අදහස් (0)

මේ වසරේ ආදායමට වඩා වියදම වැඩි වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 431 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 455 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 412 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site