- ගුවන්තොටුපොළ වීසා සිද්ධිය:
- කතානායකට ලිපියක් බාර දෙයි
සුජිත් හේවාජුලිගේ
කටුනායක ගුවන් තොටුපළේ වීසා නිකුත් කිරීමේ ක්‍රියා පටිපාටිය සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ඉදිරිපත් කළ වාර්තාවට විරෝධය පළ කරමින් එහි මන්ත්‍රීවරුන් 16 දෙනෙකුගේ අත්සනින් යුතු ලිපියක් කතානායකවරයාට භාරදී ඇත. එම වාර්තාවට තමන් අනුමැතිය නොදුන් බව කතානායකවරයාට භාර දුන් ලිපියේ සඳහන් වන බව පැවසේ.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වූ එම කාරක සභාවේ සාමාජික කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී. දොළවත්ත මහතා පැවසුවේ, එවැනි වාර්තාවක් ඉදිරිපත් කිරීමට බහුතර මන්ත්‍රීවරුන් අනුමැතිය නොදුන් බවයි.
අනුමැතිය නොදුන් වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම වැරදි බවද ඔහු සඳහන් කළේය. එසේම විගණකාධිපතිවරයා මේ සම්බන්ධයෙන් වාර්තාවක් තවමත් ඉදිරිපත් කර නැති අවස්ථාවක සහ මන්ත්‍රීවරුද වාර්තාවක් ලබාදීමට සූදානම් වෙමින් සිටි අවස්ථාවක, මෙම වාර්තාව ඉදිරිපත් කිරීම නොගැළපෙන බව මන්ත්‍රීවරයා කීවේය.
කටුනායක ගුවන්තොටුපළේ වීසා ක්‍රියාපටිපාටිය පිළිබඳ රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ වාර්තාව එහි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විසින් පාර්ලිමේන්තුවට ඉකුත් 12 වැනිදා ඉදිරිපත් කරනු ලැබීය. මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 27කි. මේ අනුව බහුතර මන්ත්‍රී පිරිසක් එම වාර්තාවට විරෝධය පළ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd