සුජිත් හේවාජුලිගේ
ඉදිරි ජනාධිපතිවරණයේදී හොර මැරකම් සිදුෙවන ඡන්ද මධ්‍යස්ථාන ශූන්‍ය කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක
මහතා පැවසීය.
පසුගිය මැතිවරණවලදීද එවැනි ශුන්‍ය කිරීම් කළ බව ඔහු සඳහන් කළේය. මේ අතර මැතිවරණ දූෂණ වැළැක්වීම සඳහා පුද්ගලයන්ගේ ජාතික හැඳුනුම්පත් වසර පහෙන් පහට වෙනස් කිරීම වැදගත් බව කොමිසම සඳහන් කරයි.
ඉදිරි ජනාධිපතිවරණයේ ආරක්ෂාව සඳහා විශේෂිත ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු යොදා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවසීය.
පසුගිය කාලයේදී මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සුලභව පැවතුණු ප්‍රදේශවලට ඉදිරි ජනාධිපතිවරණයේදී වැඩි ආරක්ෂක විධිවිධාන සැලසීමට පියවර ගන්නා බවද ඔහු කීවේය.
පසුගිය මැතිවරණවලදී මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වැඩි වශයෙන් සිදුවුණු ප්‍රදේශ විස්සක් පමණ හඳුනාගෙන ඇතැයි කොමිසම සඳහන් කරයි. මේ අතර ජනාධිපතිවරණයට අවශ්‍ය උපරිම ආරක්ෂාව ලබාදෙන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා මැතිවරණ කොමිෂන් සභාවට පසුගියදා දැනුම් දුන්නේය.
2025 දෙසැම්බර් මස 18
674
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
325
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැතිවරණ දූෂණ සිදුවෙන මධ්‍යස්ථාන ශුන්‍ය කරනවා -මැතිවරණ කොමසාරිස්