සුජිත් හේවාජුලිගේ
දිවයිනේ සමස්ත භූමි ප්‍රමාණයෙන් සියයට 30ක් නාය යෑමේ අවදානම් කලාප ලෙස හඳුනා ගෙන ඇතැයි ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ සංවිධානය පවසයි.
එසේම ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 14 ක පවුල් 15,000 ක් නායයෑම් අධිඅවදානම් කලාපවල පදිංචිව සිටින බවට හඳුනාගෙන ඇත. මින් පවුල් 2500ක් ආරක්ෂිත ස්ථාන කරා දැනටමත් යොමු කර ඇතැයි එහි ආරංචි මාර්ග සඳහන් කළේය.
දිස්ත්‍රික්ක 14 ක් පුරා විහිදී ඇති කඳුකර ප්‍රදේශ මෙලෙස අවදානමට පත්වී තිබෙන බව ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ සංවිධානය පවසයි.
2023 වර්ෂය වනවිට මෙරට නාය යෑමේ අවදානම් කලාප සිතියම් සකස් කර ඇත.
නාය යෑම් අවදානම් කළමනාකරණයේදී නාය යෑමක් ආරම්භ වීමේ ලක්ෂණ ඇති කලාප, සුන්බුන් ගලායන කලාප, සුන්බුන් තැන්පත් වන කලාප ඇතුළුව නාය යෑම් මගින් බලපෑමට ලක්විය හැකි කලාප හඳුනා ගැනීම අත්‍යවශ්‍ය බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
අනතුරුදායක තත්ත්වය හඳුනා ගනිමින් නාය යෑම් ආපදා මගින් බලපෑමට පත්විය හැකි සමස්ත කලාප නිර්ණය කිරීම (රතු සහ කහ කලාප නිර්ණය කිරීමේ ක්‍රමවේද භාවිතයෙන්) නමින් ව්‍යාපෘතියක් යෝජනා කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 04
677
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පවුල් 15,000ක් කඳු නාය යන කලාපයේ භූමියෙන් සියයට තිහක් නාය අවදානමක