IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


නෙළුම් කුලුන මිලියන 550ක් උපයයි

නදීශා අතුකෝරළ

දකුණු ආසියාවේ උසම සන්නිවේදන කුලුන වන නෙළුම් කුලුන වාණිජමය වශයෙන් ප්‍රතිලාභ ගැනීමේ අරමුණින් ආයෝජනය සඳහා විවෘත කර ගෙවුණු වසරක කාලයේදී රුපියල් මිලියන 550කට අධික ආදායමක් 2023 ජූලි මස අග වනවිට උපයා ඇතිබව කොළඹ නෙළුම් කුලුන කළමණාකාර පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි විශ්‍රාමික මේජර් ​ෙජනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පැවසීය.

සංචාරකයින්ගෙන් පමණක් ලබා ඇති මාසික ආදායම දළ වශයෙන් රැපියල් මිලියන 40-50 ත් අතර අගයක් ගන්නා බවත් ගෙවුණු වසරක කාලයේදී දේශිය සංචාරකයින් ගේ පැමිණිම ලක්ෂ 12ක්ද, විදේශිකයින් 28,000 ද වශයෙන් සටහන් වී ඇති බවත් ඒ මහතා තව දුරටත් ප්‍රකාශ කළේය.


2024 වන විට රුපියල් බිලියන එකක ආදායමක් බලාපොරොත්තු වන බවත් සංචාරකයින් වැඩි වශයෙන් ගෙන්වා ගැනීම සඳහා නව ව්‍යපෘති රැසක් ආරම්භ කිරීමට නියමිතව ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.


නෙළුම් කුලුනේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරිමෙන් පසු දෙස් විදෙස් සංචාරකයන්ට විවෘත කර සැප්තැම්බර මස 15 වැනිදාට වසරක් සපිරේ. 


එමෙන්ම නෙළුම් කුලුන ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මඟින් වසර 50 ක බදු පදනම යටතේ මෙම පෞද්ගලික සමාගම වෙත පවරා ඇති අතර පළමු වසර දෙකට හිමි මිලියන දෙසියක  බදු මුදල පෞද්ගලික සමාගම විසින්  ශ්‍රී ලංකා විදුලිසංදේශ නියාමන කොමිසන් සභාව වෙත ගෙවා අවසන් කර ඇති බවත් මේජර් ​ෙජනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පැවසීය. 


“දැනට අපට ප්‍රධාන ආදායම ඇවිල්ලා තියෙන්නේ සංචාරකයින්ගේ පැමිණීමෙන්. මේ වන විට කුලුණෙහි 27 වෙනි මහලේ ළමා ක්‍රීඩා කලාපයක්,විවිධ ප්‍රසංග විනෝදාස්වාද අංග පැවැත්වීම සඳහා ඉන්දියානු සමාගමකට අපි කොටසක් බදු පදනම යටතේ දීලා තියෙනවා.කැරකෙන රෙස්ටුරන්ට් එක නොවැම්බර් වල ආරම්භ කිරීමට නියමිතව තියෙනවා. ලංකාවේ පළමු ඩිජිටල් ආර්ට් මියුසියම් එක ආරම්භ කරන්න සියලු කටයුතු සූදානම් කරමින් ඉන්නවා. නෙළුම් කුලුණ අපේ පෞද්ගලික සමාගම යටතට ගත්තාට පස්සේ අපි රජයෙන් සතපහක්වත් අරගෙන නැහැ. අපි අරගෙන පළමු වසර තුළ ඒ මුදල සම්පූර්ණ කරගන්න පුළුවන් වුණා. උත්සව ශාලා වල මංගල සාද ,විවිධ උත්සව මේ වෙනකොට පැවැත්වෙනවා. තව විශ්ව විද්‍යාල වල ශිෂ්‍යන්ට අවස්ථාව දීලා තියෙනවා මෙහි තාක්ෂණික ක්‍රමවේද, විදුලිය සම්බන්ධ තාක්ෂණය වැනි දේවල් අධ්‍යයනය කරමින් ඉගෙන ගන්න ඒ වගේම ඕනෑම ආර්ථික තත්ත්වයකට ගැලපෙන පරිදි විනෝද වෙලා යන්න සියලුම අංග, විවිධ ආහාර වර්ග මේ ස්ථානයේ තියෙනවා. යැයිද ඒ මහතා පවසා සිටියේය.

 



අදහස් (0)

නෙළුම් කුලුන මිලියන 550ක් උපයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 117 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site