අංජුල මහික වීරරත්න
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට ලැබී තිබෙන බලතල ප්‍රකාරව නීතිපති සංජය රාජරත්නම් මහතාට මාස 6 ක සේවා දිගුවක් ලබාදීමේ නිර්දේශය යළිත් වරක් ව්‍යවස්ථාදායක සභාව වෙත යොමු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සැලසුම් කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අනුව ඉදිරියේදී අදාළ නිර්දේශය ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාදායක සභාව වෙත යළි යොමු කරනු ඇතැයි ද එම ආරංචි මාර්ග අනාවරණය කළේය.
එසේම ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් ක්‍රියාකාරීන් තිදෙනා එක ලිපියකින් අදාළ තීරණයට විරෝධය පළ කිරීමේ තීන්දුව ගැන ඇති නීතිමය තත්ත්වය ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ව්‍යවස්ථාදායක සභාවේ සභාපති කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත යොමු කිරීමට නියමිත බව ද ජනාධිපති කාර්යාල ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය මගින් අගවිනිසුරු, නීතිපති ඇතුළු තනතුරු වෙනුවෙන් පුද්ගල නාම ව්‍යවස්ථාදායක සභාව වෙත නිර්දේශ කිරීම ජනාධිපතිවරයා විසින් කළ යුතු බවට වගන්තියක් සම්මත වුව ද එය 20 වැනි සංශෝධනයෙන් ඉවත් කරනු ලැබීය. නැවතත් 21 වැනි සංශෝධනය යටතේ 19 වැනි සංශෝධනයේ තිබූ වගන්තියම ඇතුළත් කර ඇත.
ව්‍යවස්ථාදායක සභාව ජනාධිපති නිර්දේශ කරන නමක් ප්‍රතික්ෂේප කළහොත් එම නම නැවත යොමු කළ හැකි බව ද දක්වා ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 30
116
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
749
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
371
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
නීතිපතිට සේවා දිගුවක් ලබාදීමේ නිර්දේශය නැවතත් ව්‍යවස්ථාදායක සභාවට යැවීමේ සූදානමක්