ෂේන් සෙනෙවිරත්න
මහනුවර දළදා වන්දනාව පැවති පළමු දින 08 දී පමණක් ප්ලාස්ටික් ඇතුළු අනෙකුත් අපද්‍රව්‍ය ටොන් 300ක ප්‍රමාණයක් ගොහාගොඩ කසළ අංගණයට බැහැර කළ බව මහනුවර මහ නගර සභාවේ ජල කර්මාන්ත ඉංජිනේරු සහ ඝන අපද්‍රව්‍ය ඒකකයේ ප්‍රධානී නාමල් දිසානායක පැවසීය.
එම කසළ සාමාන්‍ය දෛනිකව නගරයෙන් ඉවත් කරන කසළවලට අමතර ප්‍රමාණයක් බවත් 25 වැනිදා වන විටද අම්පිටිය මාර්ගය සම්පූර්ණයෙන්ම බැතිමතුන්ගෙන් අවහිර වී තිබූ බැවින් එම මාර්ගයේද කසළ ටොන් 40ක් ගොඩ ගැසී තිබෙන බවත් බවත් ඔහු පැවසීය.
මහනුවර ඓතිහාසික වැවද විශාල වශයෙන් අපවිත්‍ර වී ඇති බවට එහි බලධාරීන් පවසන අතර එහි ජලය නැවත පිරිපහදු කොට යථා තත්ත්වයට ගැනීම සඳහා සැලකිය යුතු කාලයක් ගතවනු ඇති බවද පවසති.
වැව දෙපසින්ම දළදා වන්දනා පෝලිම් දෙකක් ගමන් කළ අතර දිවා රාත්‍රි එහි රැඳී සිටිි බැතිමතුන් විශාල වශයෙන් මළ මූත්‍ර අපද්‍රව්‍යවලින් වැව අපවිත්‍ර කොට ඇති බව බලධාරීහු පවසති.
මහනුවර ඓතිහාසික දළදා වන්දනාවේ හත් වැනි දිනය නිමා වෙන විට තුන් ලක්ෂ පනස් දහසක (350,000) බැතිමතුන් පිරිසක් ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදාගෙන ඇති බව කෘත්‍රිම බුද්ධිය ඔස්සේ බැතිමතුන් ගණනය කරන ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ මධ්‍යම පළාත් ශාඛාව කියයි.
බැතිමතුන් සංගණනය කිරීමේ ව්‍යාපෘතිය භාර නිලධාරී අතුල ලියනගේ පවසා සිටියේ බැතිමතුන් කොතරම් රැස්ව සිටියත් දිනකට දළදා සමිඳුන් වැඳ පුදා ගත හැක්කේ බැතිමතුන් 50,000 - 60,000 අතර ප්‍රමාණයකට බවයි. කෘත්‍රිම බුද්ධියට අමතරව තම සාමාජිකයන් යොදවමින්ද බැතිමතුන් ගණනය කරන බවත් එම සංඛ්‍යා සහ කෘත්‍රිම බුද්ධිය ඔස්සේ ලබා දෙන සංඛ්‍යා ලේඛනද බොහෝ විට සමපාත වන බවත් ඔහු පැවසීය.
මේ ආකාරයට විශාල වශයෙන් කසළ එකතු වීමට හේතු වී ඇත්තේ අවිධමත් ලෙස දන්සැල් පවත්වාගෙන යාම බව පැවසූ ඒ මහතා දන්සල් සීමා කිරීමට යෝජනා කළ ද ඊට බලධාරීන් එකඟ නොවූ බව පැවසුවේය.
මේ අතර මහනුවර පූජනීය නගරයේ තැන තැන අතහැර ගිය කසළ ඉවත් කිරීම සඳහා දළදා වන්දනාවෙන් පසු විශේෂ මෙහෙයුමක් සිදුකිරීමට සිදුව තිබෙන බව පෙනී යන අතර නගරයේ කාණු තුළට අතහැර ගොස් ඇති කසළ ගොඩ ගැනීම සඳහා විශේෂ පරිශ්‍රමයක් දැරිය යුතුව තිබේ.
2025 දෙසැම්බර් මස 04
398
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
445
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
408
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දළදා ප්‍රදර්ශනය පැවති මුල් දින අටේදී මහනුවර නගරයේ අපද්‍රව්‍ය ටොන් 300ක්