IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


දත්ත ඉන්දියානු සමාගමට ගන්න පුළුවන් ආරක්ෂාවටත් තර්ජනයක් ජන අරගල ව්‍යාපාරය

උපුල් වික්‍රමසිංහ
ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමේ ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව මුදලින් අධාර කරන්නේ එම ව්‍යාපෘතිය ඔස්සේ මෙරට පුරවැසියන්ගේ දත්ත ඔවුන්ට ලබා ගැනීම වෙනුවෙන් වූ අල්ලසක් වශයෙන් බවත් එමගින් එම ව්‍යාපෘතියෙහි ටෙන්ඩරය ලබා ගැනීම ඉන්දියාවේ අභිලාෂය වී ඇති බවත් ජන අරගල ව්‍යාපාරය සඳහන් කරයි.

එම ව්‍යාපාරයේ ජාතික විධායක සභික වසන්ත මුදලිගේ ඉරිදා ලංකාදීපයට පැවසුවේ දත්ත එකතු කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දීම පමණක් ඉන්දියානු සමාගම කරන බවටත් එම සමාගමට අදාළ දත්ත නොයන බවටත් වැඩබලන ඩිජිටල් ආර්ථික අමාත්‍යවරයා පැවසුව ද ඉන්දියානු සමාගමට පැහැදිලිවම මෙම දත්ත ලබා ගත හැකි බවත් ඩිජිටල් හැඳුනුම්පතකට මුහුණෙහි හැඩය, ඇස්වල කළු ඉංගිරියාව වැනි දත්ත අවශ්‍ය ඇයි ද යන්න ප්‍රශ්න කරන බවත්ය.
මෙම දත්ත ව්‍යාපාර කටයුතු වෙනුවෙන් භාවිත කිරීමේ අනතුරක් ඇති බවත් එයින් රටේ ආරක්ෂාවට හා ස්වෛරීත්වයට අහිතකර බලපෑම් එල්ල විය හැකි බවත් හෙතෙම කීවේය. මේ සම්බන්ධයෙන් වත්මන් රජය ගත් අමාත්‍ය මණ්ඩල තීරණය රටට හෙළි කරන්නැයි අභියෝග කරන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
මේ අතර අන්තර්ජාලය හා තොරතුරු තාක්ෂණ විශේෂඥයකු වන හර්ෂ විජයවර්ධන මහතා ඉරිදා ලංකාදීපයට පැවසුවේ මෙරට පුරවැසියන්ගේ දත්ත අදාළ ඉන්දියානු සමාගමට ලබා ගැනීමේ හැකියාව පවතින බවය.
ඇඟිලි සලකුණු දත්ත එකතු කිරීමට අදාළ තාක්ෂණික දැනුම ශ්‍රී ලංකාව සතුව තිබිය දී එය වෙනත් රටක සමාගමකට ලබා දෙන්නේ ඇයි දැයි ප්‍රශ්න කළ ඔහු දැනට ලබා ගන්නා ජෛවමිතික දත්තවලට අමතරව ඉදිරියේදී ඩී.එන්.ඒ. ලබා ගැනීමට කටයුතු කළ හොත් එය රටේ ජාතික ආරක්ෂාවට බරපතළ තර්ජනයක් විය හැකි බවට ද අනතුරු ඇඟෙව්වේය.

 



අදහස් (0)

දත්ත ඉන්දියානු සමාගමට ගන්න පුළුවන් ආරක්ෂාවටත් තර්ජනයක් ජන අරගල ව්‍යාපාරය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 28 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site