උපුල් වික්‍රමසිංහ
19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ පෙත්සම් විභාග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නඩු තීන්දුව තමා සම්පූර්ණයෙන් කියැවූ බවත්, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට තිබූ බලයට එම ව්‍යවස්ථා සංශෝධනයෙන් සීමා දැමීම නඩුවේදී අභියෝගයට ලක් නොවූ බවත්, ඒ අනුව අදාළ සංශෝධිත වගන්තිය සඳහා ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබා දී නැති බවත් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත් කමිටුවේ සාමාජිකයෙකු වූ ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න මහතා ‘ඉරිදා ලංකාදීප’යට පැවසීය.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ ජනාධිපතිවරයාගේ ධුර කාලය අතර කිසිදු සම්බන්ධයක් නැති බව ද, ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 5 ක් බවට ශ්‍රේෂ්ඨාධිකරණය අවස්ථා තුනකදී පැහැදිලි කර ඇතැයි ද ජනාධිපති නීතිඥවරයා ප්‍රකාශ කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව, අලුත් පාර්ලිමේන්තුවක් රැස් වී වසරක් ගත වූ පසු තමන්ට අභිමත ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට තිබූ බලය 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් සංශෝධනය කෙරුණු අතර ඒ අනුව, පාර්ලිමේන්තුවක් තේරී පත් වී වසර හතරහමාරක් ගත වූ පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට හැකියාව ලැබේ.
2025 දෙසැම්බර් මස 18
374
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
222
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1015
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනමත විචාරණයක් අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සදහනක් නෑ