IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඡන්දයෙන් පසු කෝලාහල කරන අයට වෙඩි

ජය පැරදුම සතුටින් භුක්ති විඳින්න - මැකෝ ඉල්ලයි


සුජිත් හේවාජුලිගේ



ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක ‘ඉරිදා ලංකාදීප’යට  පැවසීය.

මැතිවරණ ආරක්ෂක කටයුතු සඳහා පොලිසියේ සහායට ත්‍රිවිධ හමුදා භට පිරිස්  ලබා දීමට අදාළ අංශ කටයුතු කරමින් සිටින බව දැනුම් දී  ඇතැයි ද ඔහු කීවේය.

මැතිවරණයෙන් පසු කුමන හෝ ප්‍රචණ්ඩ ක්‍රියාවක් ඇතිවුව හොත් ඒවා පාලනය කිරීමට රජය  ත්‍රිවිධ හමුදා වට පිරිස්වලට දැනටමත් උපදෙස් ලබා දී ඇත. එවැනි ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකරන පුද්ගලයන් වෙඩි තබා හෝ අත්අඩංගුවට ගැනීමට ත්‍රිවිධ හමුදාවන්ට උපදෙස්දී තිබේ.

මැතිවරණයෙන් පසු සති දෙකක් යනතුරුද රුස්වීම් පෙළපාළි  තහනම් බව  මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එම නීතිය කඩ කරමින් රැස්වීම් සහ පෙළපාළි පවත්වන පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා ලෙස කොමිසම පොලිසියට උපදෙස් දී ඇත.

මේ සම්බන්ධයෙන් අප මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මැතිවරණයේ දැනට පවතින සාමකාමී තත්වය ඉදිරියටද  පවත්වාගෙන යෑම සඳහා පොලිසියට අවශ්‍ය උපදෙස් දැනටමත් නිකුත් කර ඇති බවයි.

ජය පරාජය සතුටින් භුක්ති විඳීමට දේශපාලන පක්ෂ ඇතුළු සියලු‍ පාර්ශ්ව අදිටන් කර ගතයුතු බවද ඔහු ප්‍රකාශ කළේය. මැතිවරණයෙන් පසු සාමකාමීව කටයුතු කරන ලෙසට තම ආධාරකරුවන්ට සහ  හිතවතුන්ට උපදෙස් දෙන්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලු‍ම දේශපාලන පක්ෂවලට දැනුම් දී ඇත.



අදහස් (0)

ඡන්දයෙන් පසු කෝලාහල කරන අයට වෙඩි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 108 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site