IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


චෝදනා ඉදිරිපත් කරන්න - රංගෙ බණ්ඩාර කියයි

 


අංජුල මහික වීරරත්න


තමාට විරුද්ධව තිබෙන චෝදනා සියල්ල ඉදිරි සතිය ඇතුළත ඉදිරිපත් කරන ලෙස ශුද්ධවන්තයන්ගෙන් සහ ශුද්ධවන්තියන්ගෙන් ඉල්ලා සිටින බව පාලිත රංගෙ බණ්ඩාර පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් සිකුරාදා (30දා) පැවසීය.

එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධුරයෙන් තමා ඉවත් කර ඇතැයි පළ වූ පුවත පිළිබඳව අදහස් දක්වමින් රංගේ බණ්ඩාර පැවසුවේ තමා එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් මේ වනතෙක්  ඉල්ලා අස්වී නැති බවයි.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තමා මහ ලේකම් ධුරයෙන් ඉවත් කර ඇතැයි මේ වන තෙක් නිල දැනුම් දීමක් කර නැති බවද රංගෙ බණ්ඩාර පැවසීය.

තමා මන්ත්‍රී ධුරයකට සහ යම් මුදලකට විකිණී ඇති බවට විවිධ චෝදනා එල්ල වී ඇති බවත්, එම සියලු‍ චෝදනාවලට නුදුරේදී පිළිතුරු ලබාදීමට බලාපොරොත්තු වෙන බවත් හෙතෙම පැවසීය.

තමා සහ පවුලේ උදවිය නිරන්තරයෙන් දේශපාලන පළිගැනීමට ලක් වූ බව කී රංගෙ බණ්ඩාර දරැවන්ගෙන් පළිගනිමින් ම්ලේච්ඡත්වය ප්‍රදර්ශනය නොකරන ලෙස වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටින්නේ යැයිද කීය.

තමා මහලේකම් ධුරයෙන් ඉවත් කළත්, ඉවත් වුණත් හැමදාම යූඑන්පී කාරයෙක් බව සඳහන් කළ රංගෙ බණ්ඩාර නුදුරේදීම අප නැවත හමුවේවි යැයි මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය.

කෙසේ වුවද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ආශු මාරසිංහ මෙදින  සිරිකොත මාධ්‍ය හමුවට පැමිණීමට නියමිතව සිටි අතර, ඔහුගේ පැමිණීමට පෙර රංගෙ බණ්ඩාර පැමිණ අදාළ ප්‍රකාශය සිදුකර ඇති බව දැනගන්නට තිබේ.

පාලිත රංගෙ බණ්ඩාර එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධ ලිපියට පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ වන විට අත්සන් තබා තිබෙන බව පක්ෂ  ආරංචි මාර්ග සඳහන් කරයි.

 



අදහස් (0)

චෝදනා ඉදිරිපත් කරන්න - රංගෙ බණ්ඩාර කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 229 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site