IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ගෝඨාගේ කොමිසමෙන් නව දෙනෙකුගේ මූලික අයිතිවාසිකම් කඩවෙලා

මනෝප්‍රිය ගුණසේකර
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත් කළ ජනාධිපති විමර්ශන කොමිසමේ සොයාගැනීම් හා නිර්දේශවලින් ඉහළම රාජ්‍ය නිලධාරීන් ඇතුළු පුද්ගලයන් 09 දෙනෙකුගේ මූලික අයිතිවාසිකම් කඩකර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.
ජනාධිපති විමර්ශන කොමිසමක් රාජ්‍ය නිලධාරීන්ගේ මූලික අයිතිවාසිකම් කඩකර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළ පළමු අවස්ථාව මෙය බව නීති විශාරදයෝ පෙන්වා දෙති.
විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුතුව යහපාලන ආණ්ඩු සමයේදී සිදුවූ දේශපාලන පළිගැනීම් සොයා බැලීම සඳහා පත් කළ මෙම කොමිසම කටයුතු කළ ආකාරය නීති විරෝධී මෙන්ම ස්වාභාවික යුක්ති මූලධර්මයට පටහැණි බවට තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කරුවන්ට රුපියල් ලක්‍ෂ 1 1/2 බැගින් නඩු ගාස්තු ගෙවීමටද රජයට නියම කළේය.

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරැ උපාලි අබේරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම කොමිසමේ සෙසු සාමාජිකයන් වශයෙන් චන්ද්‍රසිරි ජයතිලක හා චන්ද්‍රා ප්‍රනාන්දු කටයුතු කළ අතර ඔවුන් තිදෙනාට අමතරව කොමිසමේ ලේකම්වරයා අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය හා නීතිපතිවරයා මෙම නඩුවේ වගඋත්තරකරැවන් වශයෙන් නම් කර ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරැවරැන් වන විජිත් මලල්ගොඩ, අචල වෙන්ගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරැන් විසින් නඩුව විභාග කරන ලද අතර අදාළ කොමිසම කළ නිර්දේශ සහ සොයාගැනීම් ඇතුළත් කරමින් නිකුත් කරන ලද ගැසට් නිවේදන අවලංගු කිරීමටද ශේෂ්ඨාධිකරණය විනිසුරැ මඩුල්ල නියම කළේය.
දේශපාලන පලිගැනීම් සොයා බැලීම සඳහා පත් කළ මෙම කොමිසම විසින් මෙලෙස මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කරන ලද්දේ ජනාධිපති ලේකම් සමන් ඒකනායක, හිටපු නාවික හමුදාපති ට්‍රැවිස් සින්නයියා, හිටපු නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් සුසිත් බණ්ඩාර වීරසේකර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න, එම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර, හිටපු මහාධිකරණ විනිසුරැ පද්මිණී රණවක ගුණතිලක, දූෂණ මර්දන කමිටුවේ හිටපු ලේකම් ආනන්ද විජේපාල, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය, සන්ධ්‍යා එක්නැලිගොඩ යන මහත්මා මහත්මීන්ගේය.

 



අදහස් (0)

ගෝඨාගේ කොමිසමෙන් නව දෙනෙකුගේ මූලික අයිතිවාසිකම් කඩවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 29 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 708 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site