IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ගල් කොරිවලින් කෝටි පහක පොල්ලක්

සුජිත් හේවාජුලිගේ
රටේ බොහෝ ප්‍රදේශවල ගල් කොරි හිමියන්ගෙන් හිඟ මුදල් අයකර ගැනීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් රජයට රුපියල් හාර කෝටි හැට නව ලක්ෂයකට වැඩි මුදලක් පාඩුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
බදුල්ල, අම්පාර සහ මොනරාගල දිසාවල ගල් කොරි හිමියන් මෙසේ ගෙවීම් පැහැර හැර තිබූ බව එම වාර්තාවේ දැක්වේ.

බදුල්ලේ ගල් කොරි හිමියන් රුපියල් ලක්ෂ පනස් එකකට වැඩි මුදලක්ද, අම්පාර ගල් කොරි හිමියන් තුන්කෝටි හතළිස් එක ලක්ෂයකට වැඩි මුදලක්ද, මොනරාගල ගල් කොරි හිමියන් 76 ලක්ෂයකට වැඩි මුදලක් ද මෙසේ ගෙවීම පැහැර හැර තිබූ බව විගණන කාර්යාලය පවසයි.
මේ අතර නුවරඑළිය දිසා වන කාර්යාල බල ප්‍රදේශයේ ඉදිකර ඇති දුරකතන සම්ප්‍රේෂණ කුලුනු හයක බලපත්‍ර අලු‍ත් නොකිරීමෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට රුපියල් දෙකෝටියකට වැඩි ආදායමක් අහිමිව තිබූ බව වාර්තාවේ දැක්වේ. දෙපාර්තමේන්තුවේ පවත්නා ගිනි පාලන වැඩසටහන් හා ක්‍රමවේද ප්‍රමාණවත් හා විධිමත් නොවීමෙන් වාර්ෂිකව විශාල භූමි ප්‍රමාණයක් ගින්නෙන් හානියට පත්වන බව නිරීක්ෂණය වී යැයි ද විගණන අංශ පවසයි. දෙපාර්තමේන්තුවේ විවිධ අංශවල පුරප්පාඩු 617 ක් පවතින බව ද වාර්තාව සඳහන් කරයි.
වලස්මුල්ල පැළ තවාන්වල සේවය සඳහා  කම්කරුවන් 1059ක් යොදවාගෙන ලක්ෂ 18කට වැඩි වැටුප් ගෙවා ඇති බවත් ඉන් දෙසීය දෙනෙකුගේ නම් හා ජාතික හැඳුනුම්පත් අංක, ඡන්ද හිමි ලේඛනය සමග නිවැරදි නොවන බවට නිරීක්ෂණය වූයෙන් එම කම්කරුවන් සත්‍ය වශයෙන් ඒ කටයුතුවලට යොදා ගත්තේ දැයි සනාථ නොවූ බවත්  විගණන නිලධාරීහු පවසති. 
මේ තොරතුරු සඳහන් වන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ 2023 වාර්ෂික විගණන වාර්තාවේය.



අදහස් (0)

ගල් කොරිවලින් කෝටි පහක පොල්ලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 47 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site