IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


කළ උදව් මතකයි...

ෂේන් සෙනෙවිරත්න
මහනුවර ජාතික රෝහලේ වසර දහ අටක් පුරා ලක්ෂ සංඛ්‍යාත රෝගීන් පිරිසකගේ රෝග නිධාන සොයා දෙමින් දහස් සංඛ්‍යාත වෛද්‍ය සිසුන් පිරිසකට තම වෘත්තීය දැනුම ලබා ගැනීම සඳහාත් මහෝපකාරී වූ සී.ටී. ස්කෑන් යන්ත්‍රයක සංවේදී විරල සමුගැනීමක් එම රෝහල් පරිශ්‍රයෙහිදී සිදු විය.

මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු සහ විකිරණ විශේෂඥ වෛද්‍ය ගංගානාත් රොද්‍රිගෝ ගේ ප්‍රධානත්වයෙන් පැවති එම සමුදීමේ අවස්ථාව ඔවුන්ට පමණක් නොව එහි විකිරණ අංශයේ සේවයේ නියුතු ප්‍රධානීන් ඇතුළු සියලු‍ සේවක සේවිකාවන්ගේ හැඟීම්බර වූ අවස්ථාවක් විය.
වසර දහ අටකට ආසන්න කාලයක් රෝගීන් ලක්ෂ හයකට වැඩි ප්‍රමාණයකට නිරෝගී සුව ලබාදීම සඳහා මහඟු‍ සේවාවක් ඉටු කරමින් මෙන්ම දෙස් විදෙස් රෝහල්වල විකිරණ විශේෂඥ වෛද්‍යවරුන් වශයෙන් සිටිමින් රෝගීන්ට සෙත සලසන වෛද්‍යවරුන් මෙන්ම විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍ය සිසුන් අවධියේදී ඔවුන්ට එම දැනුම ලබාගැනීම සඳහා මහෝපකාරී වූ මෙම සී.ටී. ස්කෑන් යන්ත්‍රය තවත් නොබෝ දිනකින් විශ්‍රාම යාමෙන් අනතුරුව එම ස්ථානයට නවීන යන්ත්‍රයක් එක්වීමට නියමිතය. එම  අවස්ථාවේදී රෝහල් අධ්‍යක්ෂිකාව ඇතුළු වෛද්‍යවරුන්, විකිරණශිල්පීන් සහ හෙද හෙදියන් ඇතුළු අනිකුත් කාර්ය මණ්ඩලවල සේවකයන් එම යන්ත්‍රයට මල් කළඹ තබා ආචාර කොට සමුදීම සිදුකෙරිණ.

 



අදහස් (0)

කළ උදව් මතකයි...

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 604 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site