උපුල් වික්‍රමසිංහ
ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති පොල් මිල පාලනය කිරීමේ පියවරක් වශයෙන් ඉකුත් බ්‍රහස්පතින්දා (24) පැවැති පොල් වෙන්දේසියේදී පොල් ගෙඩියක මිල රුපියල් 105ක මට්ටමක පවත්වා ගෙන යෑම සඳහා කළ ඉල්ලීමට කර්මාන්තකරුවන් එකඟ වූ බව ද ඒ අනුව වෙළෙඳපොළේ පොල් ගෙඩියක මිල එම මට්ටම දක්වා අඩු වෙතැයි අපේක්ෂා කරන බව ද පොල් සංවර්ධන අධිකාරියේ ප්‍රකාශකයෙක් ඉරිදා ලංකාදීපයට පැවසීය.
පොල් ඵලදාව අඩුවීම හමුවේ පොල් ආශ්‍රිත කර්මාන්තකරුවන්ගෙන් පොල් සඳහා ඇතිවී තිබෙන අධික ඉල්ලුම හේතුවෙන් පොල් මිල ඉහළ ගොස් ඇතැයි කී එම ප්‍රකාශකයා, ලබන 31 වැනිදා පැවැත්වෙන පොල් වෙන්දේසියේදී ද පොල් ගෙඩියක මිල රුපියල් 100 ත් 105 ත් අතර අගයක පවත්වා ගෙන යෑමට සාකච්ඡා කරන බව ද ප්‍රකාශ කළේය.
වසරකට පොල් ගෙඩි මිලියන 20 ක් පමණ අපනයනය කරන බව ද, උද්ගතව ඇති පොල් හිඟය හමුවේ එය අධෛර්යවත් කිරීම වෙනුවෙන් අපනයනය කරන පොල් ගෙඩියක් සඳහා අය කරන රුපියල් 10 ක සේවා ගාස්තුව රුපියල් 20 දක්වා වැඩි කරන බව ද ඔහු සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 04
346
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2150
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1630
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
එන සතියේ සිට පොල් ගෙඩියක් රුපියල් 105 ට?