IMG-LOGO

2025 දෙසැම්බර් මස 02 වන අඟහරුවාදා


ආචාර්ය මණ්ඩල පුරප්පාඩු නිසා සරසවි අඩපණ වෙයි

 ඉන්දික හේවාවිතාරණ
රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ සිටිය යුතු  ආචාර්ය මණ්ඩලය 12,992ක් වුවද මේ ​ෙවන විට සිටිනුයේ ඉන් 6,548ක් පමණක් වීම නිසා ඇතැම් විශ්වවිද්‍යාලවල පාඨමාලා නතර කිරීමට සිදු​ෙවන තත්ත්වයක් උද්ගතව ඇතැයි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සඳහන් කරයි.

ගැටලු‍වට විසඳුම් ලබා නොදී වැඩි ඉල්ලු‍මක් සහිත විෂයන් සඳහා බඳවාගන්නා සිසුන් සීමා කිරීම වැනි යෝජනා ඇතැම් බලධාරීන් ඉදිරිපත් කරමින් සිටින බවද එම සංගමයේ කැඳවුම්කරු මදුෂාන් චන්ද්‍රජිත් සඳහන් කළේය. මහපොළ ශිෂ්‍යාධාර වාරිකය නිසි වේලාවට නොලැබීම හා සෑම විටම වාරික කිහිපයක ප්‍රමාද වී ලබා දීම නිසා සිසුහු දුෂ්කරතාවට පත්ව සිටිති. අවසන් වරට විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබූ  2022  අ.පො.ස (උ/පෙළ) හැදෑරු සිසුන්ට අඩුම තරමේ මහපොළ - ශිෂ්‍යාධාර වාරික හිමි ලැයිස්තුවක්වත් තවමත් ලැබී නොමැති බවද මදුෂාන් චන්ද්‍රජිත් සඳහන් කළේය.
මීට වසර කිහිපයකට පෙර විශ්වවිද්‍යාල ප්‍රවේශය ලද පිරිසට වඩා සැලකිය යුතු ප්‍රමාණයක් මේ වන විට වාර්ෂිකව බඳවා ගත්තත් එලෙස බඳවාගන්නා ප්‍රමාණයට සාපේක්ෂව නේවාසික පහසුකම් පුළුල් නොවීම නිසා සිසුන් දුෂ්කරතාවන්ට පත්ව සිටින බවද හෙතෙම පැවසීය.
කොවිඩ් 19 වසංගතයට පෙර බාහිර කුලී පදනම මත විශ්වවිද්‍යාලවලට ලබාගත් නේවාසිකාගාර බොහොමයක් ප්‍රතිපාදන නොමැති බව පවසමින් මේ වන විට අතහැර දමා  තිබෙන බවද ඒ මහතා 
සඳහන් කළේය.
 විවෘත විශ්වවිද්‍යාලයේ සියලු‍ම පීඨවල පාඨමාලා ගාස්තු ශිෂ්‍යයන් හට දැරිය නොහැකි මට්ටමකට ඉහළ දමා තිබෙන බවත් පාඨමාලා ඒකකයක ගාස්තු වසරක් පාසා ඉහළ දමන බවත් මේ අනුව විවෘත විශ්වවිද්‍යාලය පෞද්ගලික විශ්වවිද්‍යාලයක ස්වරූපයට  පරිවර්තනය කරමින්  තිබෙන බවත් මදුෂාන් චන්ද්‍රජිත් සඳහන් කළේය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය2014 වසරේදී ආරම්භ කළද මෙතෙක් එය අංග සම්පූර්ණ පීඨ සංකීර්ණයක් බවට පත් කර නොමැති බවත්, පීඨ පරිපාලනය සඳහා එක් ගොඩනැගිල්ලක් හා දේශන ශාලා කිහිපයකින් සමන්විත ගොඩනැගිල්ලකින් පවතින බවත්  පීඨය ලබාදීමේදී යෝජනා වූ දෙපාර්තමේන්තු 8 න් මේ වනවිට ලබාදී ඇත්තේ දෙපාර්තමේන්තු 5ක් පමණක් බවත් හෙතෙම සඳහන් කළේය. ඔහු වැඩි දුරටත් 
මෙසේද කීය.
 “නැගෙනහිර විශ්වවිද්‍යාලයෙහි මේ වන විට සෑම පීඨයකම එක ශිෂ්‍ය කණ්ඩායමකට මාර්ගගත ක්‍රමය ඔස්සේ අධ්‍යාපනය ලැබීමට සිදුව තිබෙනවා. එය අධ්‍යාපනයට සුදුසු ක්‍රමයක් නොවෙයි. සබරගමුව විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන පීඨයේ තෙවැනි අදියරක අවශ්‍යතාව 2014 වර්ෂයේ සිට පරිපාලනයට දැනුම් දී තිබෙනවා.  ඊට කිසිඳු විසඳුමක් පරිපාලනය විසින් ලබාදී නැහැ.
රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඇති එකම මැනුම් පීඨය වන ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ භූ විඥාපන පීඨයෙහි තෙවැනි අදියර තවමත් සම්පූර්ණ කර නැහැ. කැලණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨවල බරපතළ උපාධි කප්පාදුවක් සිදු වෙනවා. ඇතැම් පාඨමාලා හැදෑරීමට පරිපාලනය විසින් සලකනු ලබන නිර්ණායක සපුරා තිබුණත් විශේෂවේදී උපාධිය හැදෑරීමේ  අවස්ථා අහිමි වෙලා. මේ සිසුන්ට වසර තුනක සාමාන්‍ය උපාධියක් ලබා පිටව යාමට සිදුව තිබෙනවා. 
 අග්නිදිග විශ්වවිද්‍යාලයට නවක කණ්ඩායම් බඳවා ගැනීමේ දී ලියාපදිංචි ගාස්තුව ලෙස මීට පෙර අය කළ රැ.2100/=ක මුදල මෙවර (2022/2023) කණ්ඩායම බඳවා ගැනීමේදී රු.6100= දක්වා ඉහළ දමා  තිබෙනවා.” 



අදහස් (0)

ආචාර්ය මණ්ඩල පුරප්පාඩු නිසා සරසවි අඩපණ වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 249 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 298 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1215 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site