විමුක්ති එස් රුදිගු
තමන් ගෙවූ දුෂ්කර කාලයේදී තමන් අත්හැර නොයමින් තමා සමඟ සිටි සියලු දෙනාට ස්තූතිවන්ත වෙන බවත්, සිය කළමනාකරු, දෙමාපියන් සහ වත්මන් පෙම්වතිය වන සෙලීන් හට විශේෂයෙන් ස්තුතිවන්ත වෙන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක, ඔහුට එරෙහිව විභාග වූ නඩුවේ තීන්දුව පසුගිය 28 වැනිදා සාරා හගට් විනිසුරුතුමිය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.
පසුගිය නොවැම්බර් මාසයේ පන්දුවාර 20 ලෝක කුසලානය පැවැත්වෙන අතරතුර ධනුෂ්ක ගුණතිලක හට කාන්තාවකට ලිංගික අතවර කළේ යැයි චෝදනා එල්ල වීම හේතුවෙන් මාස 11 කට ආසන්න කාලයක් ඔහු ඕස්ට්‍රේලියාවේ සිර වී සිටියේය. ලිංගික අතවර කළේ යැයි චෝදනා එල්ල වීම හේතුවෙන් පසුගිය නොවැම්බර් 6 වැනිදා ඕස්ට්‍රේලියානු පොලීසිය විසින් ධනුෂ්ක ගුණතිලක අත් අඩංගුවට ගනු ලැබිණ. දින 4 ක් පුරා සාක්ෂි විමසීමෙන් පසුව පසුගිය 28 වැනිදා ඩවුනින්ග් සෙන්ටර් අධිකරණයේ දිසා විනිසුරු සාරා හගට් මහත්මිය එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ඔහු එම චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කරනු ලැබුවාය.
සාරා හගට් විනිසුරුතුමිය නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ධනුෂ්ක ගුණතිලක, ඔහුට සහයෝගය දැක්වූ සියලු දෙනාටම ස්තුතිය පළ කළේය. එහිදී තමන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මුරුගන් තන්ගරාජ් මහතාට සහ නඩු විභාගයේදී තමා දිරිමත් කිරීම සඳහා සැමවිටම පසුපසින් සිටි වත්මන් පෙම්වතිය වූ සෙලීන් හට විශේෂ ස්තුතියක් පිරිනමන බව ධනුෂ්ක ගුණතිලක පැවසුවේය.
තමන්ට පසුගිය මාස 11 ක කාලය අතිශය දුෂ්කර කාලයක් වූ බවත්, එහිදී තමාට උදව් කළ සියලු දෙනාට ස්තුතිවන්ත වෙන බවත් ධනුෂ්ක ගුණතිලක මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.
“සියලු දෙනා මාව විශ්වාස කළා. ඒක මට ගොඩක් වටිනවා” ධනුෂ්ක ගුණතිලක මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.‘‘නැවතත් මගේ ජීවිතය සාමාන්‍ය අතට හැරිලා තියෙන්නේ. නැවතත් ශ්‍රී ලංකාවට ක්‍රිකට් ක්‍රීඩා කරන්න මම නොඉවසිල්ලෙන් ඉන්නේ’’. ධනුෂ්ක ගුණතිලක මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.
පැමිණිලිකාරිය බුද්ධිමත් තැනැත්තියක් බවත්, බොරු සාක්ෂි ලබා දීමට සිතා මතා උත්සාහ කරන ලද තැනැත්තියක් බවට පෙනෙන්නට නොතිබූ නමුත් විත්ත්කරුට අවාසිදායක තත්ත්වයක් ඇති කිරීම සඳහා සාක්ෂි ලබා දෙන බවක් පෙනෙන්නට තිබූ අවස්ථා කිහිපයක් තිබූ බව විනිසුරු සාරා හගට් මහත්මිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පැවසුවාය. එසේම ඇය, පොලිසියටද පැමිණිල්ල විභාග කළ ආකාරය පිළිබඳව විවේචන එල්ල කළාය.
මුලදී, ලිංගික අතවර කළේ යැයි චෝදනා 4 ක් ධනුෂ්ක ගුණතිලකට එල්ල වී තිබුණත් පසුව ඉන් චෝදනා තුනක් ඉවත් කර ගැනීමට ඕස්ට්‍රේලියානු පොලීසිය කටයුතු කළේය. ධනුෂ්ක ගුණතිලක, 29 හැවිරිදි පැමිණිලිකාර ඕස්ට්‍රේලියානු තරුණිය, ‘‘ටින්ඩර්’’ නමැති මිතුරන් හඳුනාගන්නා ‘ඇප් එකක්’ මාර්ගයෙන් හඳුනාගෙන තිබිණ.
අත් අඩංගුවට ගත් අවස්ථාවේදී පොලීසිය නැගූ සෑම ප්‍රශ්නයකටම ධනුෂ්ක ගුණතිලක අවංකව පිළිතුරු දෙමින් පොලීසියට මඟ පෙන්වීමට හැකි සෑම උත්සාහයක්ම ගෙන ඇති බව තමන්ට හැඟී ගිය බව විනිසුරු සාරා හගට් මහත්මිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පැවසුවාය.ඒ හේතුවෙන් ධනුෂ්ක ගුණතිලක ලබා දුන් සාක්ෂි ප්‍රතික්ෂේප කිරීමට හෝ විශ්වාස නොකර සිටීමට කිසිදු හේතුවක් නැතැයි විනිසුරු සාරා හගට් මහත්මිය ප්‍රකාශ කළාය.
2025 දෙසැම්බර් මස 04
758
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
571
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අත අතනොහැරි සියලු දෙනාට ස්තුතියි - ධනුෂ්ක ගුණතිලක