(සුජිත් හේවාජුලිගේ)
ජනාධිපතිවරයාට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප හිමිවන කාලය වසර දහය දක්වා දීර්ඝ කිරීමට අදාළ සංශෝධන පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට ලබන වසර මුල ඉදිරිපත් කෙරෙනු ඇතැයි රජයේ අාරංචි මාර්ග සඳහන් කරයි.
ජනපතිවරයාට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප හිමිවන කාලය වසර 10ක් දක්වා දීර්ඝ කිරීම සඳහා වූ යෝජනාවක් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ලබන වසර (2022) සඳහා වන රජයේ අයවැය යෝජනාවලියට ඇතුළත් කර පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය.
මේ සම්බන්ධයෙන් අප අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාගෙන් කළ විමසුමක දී ඔහු පැවසුවේ මෙම අයවැය යෝජනාව ක්‍රියාත්මක කිරීමට නම් අනිවාර්යෙන්ම එම විශ්‍රාම වැටුප් පිළිබඳ පනත් සංශෝධනයට ලක් කළ යුතු වන බවය.
ඊට ප්‍රථම එම පනත් කෙටුම්පත් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගත යුතු වන අතර කැබිනට් මණ්ඩලයේ අනුමැතිය එසේ ලබා ගැනීම ද ලබන මාසයේ දී සිදු කෙරෙනු ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර විශ්‍රාම වැටුප හිමිවන කාලය වසර දහයක් දක්වා දීර්ඝ කිරීමට සූදානම් වීම ගැන පාර්ලිමේන්තුවේ පසු පෙළ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ අප්‍රසාදය පළ වී ඇතැයි දැනගන්නට ඇත.
මේ සම්බන්ධයෙන් එම මන්ත්‍රීවරුන් රජයේ බලධාරීන්ට දැනටමත් සිය දුක් ගැනවිලි ඉදිරිපත් කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පමණක් පාර්ලිමේන්තු විවාද එකොළහක් පසුගිය වසර තුන ඇතුළත පවත්වා ඇතැයි වාර්තා වේ.
කොවිඩ් 19 වසංගතයෙන් පසු ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් ලංකාවෙන් 2022 වසරේ සිට 2024 අප්‍රේල් මාසය දක්වා 692,461 ක් රැකියා සඳහා විදේශගත වී ඇති බව විදේශ සේවා නියුක්ත
කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස් දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර
යෝජිත විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් විදුලිබල මණ්ඩලය සතු රුපියල් ට්‍රිලියනයකට අධික වටිනා සම්පත්වලින් සියයට හැත්තෑපහකට ආසන්න
1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා තමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට හ
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමග ඉදිරියට ද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකාවේ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ජනපති - මන්ත්‍රී විශ්‍රාමයට සීමා වැටෙන පනත ලබන වසර මුල