IMG-LOGO

2024 මැයි මස 08 වන බදාදා


මන්දපෝෂණේ මට්ටු කරන්න ළමා අධිකාරියත් වැඩට බහී

සුජිත් හේවාජුලිගේ

මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් සම්බන්ධයෙන් කරුණු සොයා බලමින් ඒ තොරතුරු වගකිව යුතු අංශවලට කඩිනමින් යොමුකිරීමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කළ බව ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය. 

අධිකාරියේ ප්‍රාදේශීය කාර්යාලවල නිලධාරීන්ගේ සහ පවුල් සෞඛ්‍ය නිලධාරිනියන්ගේ සහායෙන් එම තොරතුරු එක් රැස්කර ගන්නා බව ද හෙතෙම සඳහන් කළේය. 


එවැනි තොරතුරු ගණනාවක් අදාළ බලධාරීන්ට දැනටමත් යොමුකර ඇති බව පැවසූ සභාපතිවරයා දරුවන්ගේ මන්දපෝෂණය සම්බන්ධයෙන් සෘජුව මැදිහත්ව කටයුතු කිරීමට නීතිමය ප්‍රතිපාදන අධිකාරියට නැතත් දරුවන්ගේ සුභ සිද්ධිය ගැන සිතා මේ ආකාරයට කටයුතු කරන බව ද ප්‍රකාශ කළේය. 


මන්දපෝෂිත දරුවන් සම්බන්ධයෙන් ඇතැම් පුවත්පත්වල පළවන වාර්තා සම්බන්ධයෙන් ද අධිකාරියේ නිරන්තර අවධානය යොමුවන බව උදයකුමාර අමරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය. 


මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් හතළිස් දහසකට ආසන්න සංඛ්‍යාවක් රට පුරා සිටින බවට සෞඛ්‍ය අංශ අනුමාන කරයි. එම අංශ දැනට නිල වශයෙන් තහවුරු කරගෙන ඇති මන්දපෝෂිත දරුවන් සංඛ්‍යාව 20,000 කි. 


මේ දරුවන් වෙනුවෙන් කැපකරු මවුපිය ක්‍රමයක් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් දැනටමත් ආරම්භ කරනු ලැබ ඇත.

 



අදහස් (0)

මන්දපෝෂණේ මට්ටු කරන්න ළමා අධිකාරියත් වැඩට බහී

ඔබේ අදහස් එවන්න

පුවත්

පාස්කු ප්‍රහාරය ගැන අවුරුදු තුනක දී විවාද එකොළහක්
2024 අප්‍රේල් මස 26 105 0

පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පමණක් පාර්ලිමේන්තු විවාද එකොළහක් පසුගිය වසර තුන ඇතුළත පවත්වා ඇතැයි වාර්තා වේ.


2022 සිට ලක්ෂ 7ක් රට රැකියාවලට ගිහින්
2024 අප්‍රේල් මස 26 163 0

කොවිඩ් 19 වසංගතයෙන් පසු ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් ලංකාවෙන් 2022 වසරේ සිට 2024 අප්‍රේල් මාසය දක්වා 692,461 ක් රැකියා සඳහා විදේශගත වී ඇති බව විදේශ සේවා නියුක්ත


දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 26 477 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස් දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර


යෝජිත පනතින් ලංවිම වත්කම් සියයට 75ක් පෞද්ගලීකරණය වෙනවා
2024 අප්‍රේල් මස 23 50 0

යෝජිත විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් විදුලිබල මණ්ඩලය සතු රුපියල් ට්‍රිලියනයකට අධික වටිනා සම්පත්වලින් සියයට හැත්තෑපහකට ආසන්න


බැඳුම්කර මගඩියෙන් ඊ.පී.එෆ්. එකට වුණු අලාභය හොයන ක්‍රමය සුමන්දිරන් කියයි
2024 අප්‍රේල් මස 23 8 0

1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා තමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට හ


ඉරාන-ඊශ්‍රායල ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 22 7 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමග ඉදිරියට ද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකාවේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 551 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2024 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1784 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site